SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 61 ක් දක්වා ඉහළ නගින විට ආසාදිතයින් 6,313 ක් වෙයි

Australia record 61st Coronavirus death and cases jump to 6,313
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (13/04) පෙරවරු 6 වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 61 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ වන විට හමුව ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,313 දක්වා ඉහළ ගොස් ඇත.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 2,854 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,268 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 983 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 517 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 429 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 133 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 102 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now