SKIP TO MAIN CONTENT

ගතවූ පැය 24 ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41 ක දක්වා පහළට

corona virus
صورة تعبيرية عن فيروس كورونا. Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,613 ක් ලෙස වාර්තා වේ.

එයින් 4,230 දෙනෙකු සුවය ලබා ඇතැයිද සඳහන්.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 70 කි.

ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 41 කි.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 2,963 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,329 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 1,019 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණි.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 545 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 435 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 191 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 103 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now