SKIP TO MAIN CONTENT

සරණාගතයින් පිළිබඳ නවසීලන්තයේ යෝජනාව ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි.

Australia rejects New Zealand's refugee offer
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

මානුස් දූපතේ සිටින සරණාගතයින් ගෙන් 150 දෙනෙකු නවසීලන්තයේ ස්ථාපිත කිරීමට නවසීලන්ත රජය යොමු කළ යෝජනාව ඔස්ට්‍රේලියානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වන දායින් මානුස් දූපතේ පිහිටි සරණාගත ,මධ්‍යස්ථානය වසා දැමීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගත් නමුත් එහි සිටි ඇතැම් රැඳවියන් ඉන් පිටව යාමට දැඩි විරෝධය පළ කර තිබේ.

ඊයේ (05/11) දිනයේ සිඩ්නි නුවර දී අභිනවයෙන් තේරී පත්වූ නවසීලන්ත අගමැතිනී Jacinda Ardern සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull  අතර පවතී මංගල හමුවේදී නවසීලන්ත අගමැතිනිය මෙම යෝජනාව ටර්න්බුල් හට ඉදිරිපත් කර ඇත.

නමුත් මේ මොහොතේදී එය තම රජය ප්‍රතික්ෂේප කරන බවත් මේ මොහොතේ මූලික අරමුණ වී ඇත්තේ අදාළ සරණාගතයින් ඇමෙරිකාවේ ස්ථාපිත කිරීමේ කටයුත්ත බවත් අගමැති ටර්න්බුල් එහිදී පවසා තිබේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now