ජනගහනය ඉහළ ගියද ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහතට (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පුද්ගලයන් 1000කට 66 සිට පුද්ගලයන් 1000කට 56 දක්වා කැපී පෙනෙන ලෙස පහත බැස ඇත.

Australian birth rates have fallen to a more than 10-year low according to a health report.

Australian birth rates have fallen to a more than 10-year low according to a health report. Source: AAP / Joel Carrett

ඔස්ට්‍රේලියාව දශකයකට වැඩි කාලයක් තුළ සිය අඩුම උපත් අනුපාතිකය වාර්තා කරයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ පළමු වරට දෙමාපියන් වන පිරිසෙහි සාමාන්‍ය වයස අඛණ්ඩව වැඩි වෙමින් පවතී.


Highlights

  • 2007 සහ 2020 කාලය අතර ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
  • දරු ප්‍රසූතියේ සාමාන්‍ය වයස 2010 වසරේදී අවුරුදු 30 සිට 30.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2020 දක්වා දශකය තුළ නව යොවුන් වියේ දෙමාපියන්ගේ අනුපාතය 3.8% සිට 1.8% දක්වා පහත වැටුණි.
  • වයස අවුරුදු 40 සහ ඊට වැඩි දෙමාපියන් බොහෝ විට සිසේරියන් සැත්කම් හරහා දරුවන් ප්‍රසූත කර ඇති බවද දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතිකය අඩුවෙයි

වසර 2007 සහ 2020 අතර ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එනම් ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතය පුද්ගලයන් 1000කට 66 සිට පුද්ගලයන් 1000කට 56 දක්වා කැපී පෙනෙන ලෙස පහත බැස ඇත.

COVID-19 වසංගතයේ මුල් මාස කිහිපය සම්බන්ධයෙන් ගත් කල, 2019 සහ 2020 අතර ඔස්ට්‍රේලියාවේ උපත ලබන ළදරුවන් සංඛ්‍යාව 7,100 කින් පමණ අඩු වී ඇති අතර එය සියයට 2 කට වඩා පහත වැටීමකට සමාන බව ජූලි 22 නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ වාර්තාවක් පෙන්වයි.

giving birth
Source: Getty Images/RubberBall Productions

දෙමාපියන්ගේ වයස

දරු ප්‍රසූතියේ සාමාන්‍ය වයස 2010 වසරේදී අවුරුදු 30 සිට 30.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2020 දක්වා දශකය තුළ නව යොවුන් වියේ දෙමාපියන්ගේ අනුපාතය 3.8% සිට 1.8% දක්වා පහත වැටුණි.

වයස අවුරුදු 40 සහ ඊට වැඩි දෙමාපියන්ගේ අනුපාතය ද 2020 දී 4.5% දක්වා තරමක් ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 40 සහ ඊට වැඩි දෙමාපියන් බොහෝ විට සිසේරියන් සැත්කම් හරහා දරුවන් ප්‍රසූත කර ඇති බවද දත්ත පෙන්වා දෙයි.

සමස්තයක් වශයෙන්, සිසේරියන් සැත්කම් 2020 දී උපත් තුනකින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූ අතර එය පෙර දශකය තුළ 5% කින් වැඩි විය.

වසර 2020 දී, දෙමාපියන් වීමට අපේක්ෂා කරන අට දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ගර්භනී කාලයේ පළමු මාස තුනේදී ප්‍රසව ප්‍රතිකාර ලබා ගත් අතර එය 2012 සිට සියයට 16% ක් දක්වා වැඩිවී තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාවේ පවුලක සිටින ළමයි සංඛ්‍යාව කොතෙක්දැයි පසුගියදා නිකුත් කළ නවතම සංගණන දත්ත වාර්තා කරයි.

එම තොරතුරු පහත පරිදි වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාවේ පවුලක කී දෙනෙක් ඇතිදැයි නවතම සංගණන දත්ත පහත අයුරින් වාර්තා කරයි.


3 min read

Published

Presented by Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

ජනගහනය ඉහළ ගියද ඔස්ට්‍රේලියාවේ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහතට (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala