SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට බහුතර කැමැත්ත ලැබෙයි.

Same-sex marriage postal vote
demonstrators taking part in a same-sex marriage rally in Sydney. Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වූ තැපැල් සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵල අද (15/11) පෙරවරුවේ නිකුත් කෙරිණි.

ඒ අනුව තැපැල් සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 61.6% එය අනුමත කර ඇති අතර 38.4% ක් එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත වල මේ සඳහා බහුතර ජනතාවක් කැමැත්ත පළ කර ඇති අතර ඉන් ඉහළම කැමැත්ත ලබා දී ඇත්තේ Australian Capital Territory වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම තැපැල් සමීක්ෂණය පසුගිය නොවැම්බර් 07 වන දිනෙන් අවසන් විය.

මෙහි අවසාන ප්‍රතිඵල අද පෙරවරුවේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී David Kalisch විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම පුවතත් සමග ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින සමලිංගික විවාහ සඳහා සහය දක්වන පිරිස් දැඩි උද්දාමයට පත්ව ප්‍රීති ඝෝෂා පවත්වන්නට යෙදුනු බවද වාර්තා වේ.

මේ අනුව එළඹෙන නත්තලට පෙර මෙය පනතක් වශයෙන් සම්මත කර බලාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අදහස් කරන බවද සඳහන්.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු ඉදිරියේදී SBS සිංහල වෙතින් බලාපොරොත්තුවන්න.

SBS News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now