COVID 19 update 09 Sep: ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන්වල අනිවර්ය මුව ආවරණ පැළදීමේ නීතිය ඉවතට

2022 සැප්තැම්බර් 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

INTERNATIONAL STUDENTS ARRIVAL

International students wear face masks as they arrive at Sydney Airport in Sydney. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 47 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 41 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද ඊට ඇතුළත් වේ.

දෛනික COVID සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීම නැවැත්වීමට ප්‍රාන්ත සහ ටෙරිටරි තීරණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, Northern Territory සහ Australian Capital Territory අද ඔවුන්ගේ සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කළේ නැත.

සෙසු ප්‍රාන්ත හෙට සිට එම තීරණය ක්‍රියාත්මක කරනු ඇත.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

අද අලුයම 12.01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී ගුවන් මගීන් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවය ඉවත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී ගුවන් මගීන් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවය 2021 ජනවාරි මාසයේදී හඳුන්වා දෙන ලදී.

අභ්‍යන්තර ගුවන් ගමන් වල මුව ආවරණ පැළඳීමේ නීතියද අදින් අවසන් කර තිබේ.

අද සිට, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය වන්නේ දින හතක් වෙනුවට දින පහක් පමණි.

උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම සහ කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි උග්‍ර රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයින් තමන්ගේ කොවිඩ් පරීක්ෂා කළ දින සිට දින හතක් ස්වයං නිරෝධායනය විය යුතුය.

රෝග ලක්ෂණ නොමැති පදිංචිකරුවන්ට දින හතක් දක්වා ඉහළ කොවිඩ් අවදානම් සහිත ස්ථානවලට අමුත්තන් ලෙස පිවිසීමට ඉඩ නොදිය යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව (AHPCC) අද දැඩි ලෙස උපදෙස් දුන්නේය.

ඉහළ කොවිඩ් අවදානම් ස්ථානවලට රෝහල් පරිශ්‍ර, පොදු සායන, පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන, residential aged care සහ residential disability care ඇතුළත් වේ.

සමීප ආශ්‍රිතයින් කළමනාකරණය කිරීම සඳහා කිසිදු වෙනසක් කමිටුව නිර්දේශ කර නැත.

අද සිට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට කුලී රථ ඇතුළු පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ. අනෙකුත් ප්‍රාන්ත ද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now