චීනයේ සිට ඔස්ට්‍රේලියාවට ගෙනා බාල වර්ගයේ මුව ආවරණ (mask ) තොගයක් හසුවෙයි (SBS සිංහල / වාර්තා)

s

Source: ABC Australia

කොරෝනා පැතිරීම පාලනය සදහා චීනයේ සිට ගෙන්වන ලද මුව ආවරණ හා අනෙකුත් ආරක්ෂාව සලසන උපකරණ තොගයක් තත්වයෙන් බාල බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් හසු කර ගෙන ඇත. Australian Border Force නිලධාරීන් විසින් මෙම තත්වයෙන් බාල personal protective equipment (PPE) නමින් හඳුන්වන උපකරණ තොගය සොයා ගෙන තිබේ.


ඒ අනුව බාල වර්ගයේ ඩොලර් මිලියන 1.2ක වටිනාකමක් ඇති මුව ආවරණ 800,000ක් හසු වී තිබේ. මෙම මුව ආවරණ ගුවන් පරිවහනය ඔස්සේ පැමිණ ඇත්තේ දැනට වරාය වල කටයුතු සෙමින් සිදු වන නිසා බව පැවසේ. නමුත් චීනයෙන් ගෙන්වන සියලු ආරක්ෂණ උපකරණ එසේ තත්වයෙන් බාල බවට සැලකිය නොහැකි බවද Australian Border Force නිලධාරීන් පවසයි.


මේ පිලිබදව ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයෙන් ABC ආයතනය විසින් මත විමසුවද, ඒ සදහා තවම ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

එසේම මේ වන විට ඕස්ට්‍රේලියානු රජය විසින් ඕස්ට්‍රේලියාවේ නිපදවන පෞද්ගලික ආරක්ෂාව සදහා වන උපකරණ අපනයනය තහනම් කොට ඇත. අමාත්‍ය Peter Dutton හා Greg Hunt යන අමාත්‍යවරුන් විසින් අත්සන් කොට ඇති මෙම තහනම තුලින් ඔස්ට්‍රේලියාව තුල මෙම උපකරණ මිලට ගෙන නැවත වැඩි මිලට විකිණීමද තහනම් කොට ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියාව තුලම මෙම උපකරණ නිපදවීමත්, ජාතික වශයෙන් හදිසි අවස්තාවකදී මුහුණ දීමට ඇති තොග වැඩි කිරීමටත් අවධානය යොමු වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මුව ආවරණ නිපදවන Med-Con නම්, ආයතනයේ නිෂ්පාදනයට ආධාර පිණිස හමුදා නිලධාරීන්ද යොදවා තිබේ. බොහෝ යුරෝපා රටවල්ද  චීන ආරක්ෂක උපකරණ මේ වන විට ප්‍රතික්ෂේප කොට තිබේ. නෙදර්ලන්තය , ස්පාඤ්ඤය ආදී රටවල් ද චීනයෙන් ගෙනා කොරෝනා පරීක්ෂා උපකරණ හා මුව ආවරණ තත්වයෙන් බාල බවට පවසා ඇත. 

නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්යංශය විසින් එවන් මුව ආවරණ 600,000ක් වෙළද පොලෙන් ඉවත් කර තිබේ. එම ආවරණ වල පෙරහන (filter) ක්‍රියා නොකරන බවද හෙළි වී තිබේ. නමුත් චීන විදේශ අමාත්‍ය ප්‍රකාශිකා Hua Chunying මෙම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබේ. ඇය පවසන්නේ චීන නිෂ්පාදකයන් ලෝකයේ රටවල ජනයාට උපකාර කිරීම් පිණිස දිවා රෑ වෙහෙසෙමින් මෙම නිෂ්පාදන සිදු කරන බවයි.

Source: ABC News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
චීනයේ සිට ඔස්ට්‍රේලියාවට ගෙනා බාල වර්ගයේ මුව ආවරණ (mask ) තොගයක් හසුවෙයි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala