චීන - ඇමෙරිකා විරසකය නැති කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගත යුතුයි : හිටපු අගමැති Paul Keating.

Turnbull, Trump NYC meeting

Source: SBS

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සහ ඇමෙරිකානු ජනාධිපති Donald Trump අතර මුහුණට මුහුණ හමුවන ප්‍රථම හමුව ලබන සතියේදී සිදු වන බව ධවල මන්දිරය පෙරේදා  (25/04) නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම හමුවේදී ඇමෙරිකාව සහ චීනය අතර වඩා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම කෙරෙහි ඔස්ට්‍රේලියාව විසින් ඇමෙරිකාවට අවධාරණය කළ යුතු බව  හිටපු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Paul Keating පවසයි.

අසියා පැසිෆික් කලාපය තුළ ලෝකයේ බලවතුන් දෙදෙනා අතර සාමය අතිශය වැදගත් බව Paul Keating සිඩ්නි නුවර දී ඊයේ පැවසුවේය.

දකුණු චීන මුහුදේ ඇති චීන දූපත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග පැන නැගුනු අර්බුද සම්බන්ධව චීනය යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වීමෙන් දෙරට අතර සාමය ඇති කරගැනීමේ ක්‍රියාවලියට චීනය ආරම්භයක් ලබා දුන් බවද හෙතෙම පැවසීය.

මැයි මස 04 වන දිනට යෙදෙන කොරල් මුහුදේ යුද්ධයේ 75 වන සංවත්සරය සැමරීම සඳහා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන විශේෂ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති ටර්න්බුල් ඇමෙරිකාවට යාමට නියමිතය.

එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දෙරටේ සබඳකම් පිළිබඳ සහ කලාපීය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් මෙම අවස්ථාව පිළිබඳ තමන් අතිශය ප්‍රීතියට පත්වන බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් පැවසීය.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now