ඔස්ට්‍රේලියාව තවමත් IS සංවිධානයේ ප්‍රහාරක ඉලක්කයක් (SBS සිංහල /වාර්තා)

“අවාසනාවට මම හිතන්නේ අපි මේ දකින්නේ අවසානය නොවෙයි අලුත් ආරම්භයක්” ‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාවේ සම කර්තෘ Lydia Khalil SBS ගුවන්විදුලියට පැවසීය. “ඉරාකයේ සහ සිරියාවේ සටන් බිම් වෙත විදේශයන්හි සිටින IS සටන්කාමීන් ගෙන්වා ගැනීම වෙනුවට ඒ ඒ ස්ථානවල ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට IS සංවිධානය උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් වසර දෙකකට පෙර ඔවුන් එහෙම කළේ නැහැ.” Lydia Khalil වැඩි දුරටත් පැවසුවාය.

Australia still a potential IS target

Militants of the Islamic State group hold up their weapons and wave its flags on their vehicles in a convoy on a road leading to Iraq, in Raqqa, Syria. Source: Militant photo via social media

මැදපෙරදිග පවතින සටන් වලින් IS සංවිධානය දරුණු පරාජයක් ලබමින් පවතින බව එම සංවිධානයේ නිවේදන වලින් හෙළිවන නමුත් එමගින් ඔවුන්ගෙන් සමාජයට ඇති තර්ජන නිම නොවන බව ත්‍රස්ත විශේෂඥයන් පවසයි.

ඉරාකයේ සහ සිරියාවේ IS සංවිධානය සතු බලකොටු බිඳ වැටීම තුළ විදේශ රටවල IS සටන් කාමීන්ගේ වර්ධනයක් ඇතිවිය හැකි බව Lowy Institute ආයතනය ප්‍රකාශයට පත් කළ ‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාව පෙන්වා දෙයි.

“අවාසනාවට මම හිතන්නේ අපි මේ දකින්නේ අවසානය නොවෙයි අලුත් ආරම්භයක්”  ‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාවේ සම කර්තෘ Lydia Khalil SBS ගුවන්විදුලියට පැවසීය.

“ඉරාකයේ සහ සිරියාවේ සටන් බිම් වෙත විදේශයන්හි සිටින IS සටන්කාමීන් ගෙන්වා ගැනීම වෙනුවට ඒ ඒ ස්ථානවල ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට IS සංවිධානය උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් වසර දෙකකට පෙර ඔවුන් එහෙම කළේ නැහැ.” Lydia Khalil වැඩි දුරටත් පැවසුවාය.

මේ අයුරින් IS සංවිධානය සමග ජාලයක් ලෙස ප්‍රබලව සම්බන්ධවී සිටින  විදේශ IS සටන්කාමීන් ජාත්‍යන්තර ප්‍රජාවන් හට විශාල තර්ජනයක් වී තිබේ.

‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාව පෙන්වා දෙන පරිදි ඇතැම් IS සටන්කාමීන් තමන් මිය යන තුරු හෝ තුවාල ලබන තුරු සටන් බිම් වල යුද වදින අතර අනෙක් අය තම මව් රටවල් වෙත යයි. එසේ මව් රටවලට යන IS සටන්කාමීන්ගෙන් ඇතැමෙක් මුලාවෙන් මිදී හරි මගට පැමිණිය හැකි අතර සෙසු අය තවත් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙයි.

එවැනි විදේශ IS සටන්කාමීන් IS සංවිධානයේ ජාත්‍යන්තර උපක්‍රම වලදී කැපී පෙනෙන කාර්යයක් ඉටු කරන බව Lydia Khalil පැවසීය.

IS සංවිධානය අත්පත් කරගත් යම් භූමියක් ඔවුන්ට අහිමිවූ විට ඊට සහසම්බන්ධයක් ඇති ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාවක් ලොව කොහෙන් හෝ අපට දැකගත හැකිය. රුසියානු ගුවන් යානයට එල්ලවූ ප්‍රහාරය, පැරිස් නුවර ප්‍රහාරය, බ්‍රසල්ස් නුවර ප්‍රහාරය වැනි බටහිරට එල්ල වූ ප්‍රහාර ඊට උදාහරණ වේ.
Paris aatack
People lay flowers at the gates of the French embassy in Berlin following the attacks Source: Getty Images

ඉතිහාසය නැවත සිදු වෙයිද?

මැදපෙරදිග සහ ඒ අවට කලාපවල මෑතකදී සිදුවූ සටන් විදෙස් IS සටන්කාමීන්ගේ මව් රටවලට තර්ජන ඇති කිරීමට අනුබල සැපයීමක් බවද  ‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාව පෙන්වා දෙයි.

“අපි ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දේ පිළිබඳ විමසා බලමු. ඇෆ්ගනිස්ථානයේ ජිහාඩ් සංවිධානය වර්තමානයේ අල් ක්වයිදා සංවිධානය බිහි කිරීමේ මූලික ප්‍රභවයයි. ජිහාඩ් සංවිධානය නොමැතිනම් අල් ක්වයිදා සංවිධානය දෙස අපි එලෙස බලන්නේ නැහැ.” Lydia Khalil පැවසීය. බොස්නියාව, චෙච්නියාව, ලිබියාව සහ අනෙකුත් සටන් ඇතිවූ ප්‍රදේශ වලද ඊට සමාන ක්‍රියාවක් සිදුවූ බව ඇය පැවසීය.

ඉරාකයේ සහ සිරියාවේ ගැටුම් වල ඇති වෙනස වන්නේ එම යුද්ධ වල කාලයේ දිගු බව, දරුණු බව සහ IS විදේශ සටන්කාමීන් එම ගැටුම් සඳහා දැක්වූ දායකත්වය බවද ඇය පෙන්වා දුන්නාය.
Exercise Northern Shield 2016
Australian Army soldiers from 5th Battalion, Royal Australian Regiment, exit a No 36 Squadron C-17A Globemaster III aircraft. Source: Australian Defence Force

අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක්?

ඔස්ට්‍රේලියාව තවමත් IS සංවිධානයේ ප්‍රහාරක ඉලක්කයක් නමුත් යුරෝපානු රටවල මෙන් ජාතික ආරක්ෂාව තර්ජනාත්මක මට්ටමේ නොපවතින බව Lydia Khalil තවදුරටත් කරුණු දැක්වීය.

මෙවැනි ත්‍රස්ත සංවිධාන වල රේඩාර් පථයේ ඔස්ට්‍රේලියාව පවතින බවත් අය පැවසීය.

මෙවැනි ත්‍රස්ත ක්‍රියා මැඩලීම සඳහා ඉතා ක්‍රියාකාරී උපාය මාර්ගය වන්නේ දේශ සීමා ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික වශයෙන් බුද්ධි අංශ සමග හොඳ සම්බන්ධයක් ගොඩනගා ගැනීම බව ‘Foreign Fighters in Syria and Iraq: The Day After’ වාර්තාවේ අනෙක් සම කර්තෘ ආචාර්ය Rodger Shanahan සමග එක්වෙමින් Lydia Khalil පැවසීය.

“මම හිතන්නේ ලොව ක්‍රියාත්මක හොඳම ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ඔස්ට්‍රේලියාව සතුයි. ඔවුන් මෙම තර්ජන පිළිබඳ සැහෙන දුර හිතල තියෙනවා” Lydia Khalil අවසන් වශයෙන් පැවසීය.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාව තවමත් IS සංවිධානයේ ප්‍රහාරක ඉලක්කයක් (SBS සිංහල /වාර්තා) | SBS Sinhala