SKIP TO MAIN CONTENT

Doha හි Hamad ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අභ්‍යන්තර ශාරීරික පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව පිළිතුරු අවශ්‍ය බව ඔස්ට්‍රේලියාව අවධාරණය කරයි

Scott Morrison - Marise Payne
Source: AAP

2 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

Doha හි Hamad ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මෙම මස මුලදී සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා ප්‍රවාහන සේවක සංගමය අද රැස්වීමට නියමිතව තිබේ

ප්ලාස්ටික් බෑගයකින් ඔතන ලද අලුත උපන් බිලිඳියක Hamad ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අපද්‍රවය බඳුනක අපද්‍රව්‍ය අතරේ සඟවා තිබියදී සොයාගැනීමත් සමග ගුවන් යානා 10 ක සිටි කාන්තාවන් සඳහා අභ්‍යන්තර ශාරීරික පරීක්ෂණ සිදු කිරීමට එම ගුවන්තොටුපල බලධාරීන් පියවර ගෙන තිබිණ.

මේ අනුව සිඩ්නි වෙත පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් යානයක සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවන් කිහිපදෙනෙකුද මෙම පරීක්ෂණය සඳහා යොමු කොට තිබේ. මෙලෙස භ්‍යන්තර ශාරීරික පරීක්ෂණයකට මුහුණදීමට සිදු වූ කාන්තාවක සඳහන් කොට ඇත්තේ තමාත් සමග එම ගුවන් යානයේ සිටි කාන්තාවන් 18 දෙනෙකු එම ගුවන් යානයෙන් ඉවත් කල අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු ඕස්ට්‍රේලියානු ජාතිකයින් වන බවයි.

මෙම සිදුවීම මත "පුද්ගලික නිදහස" සඳහා යම් බලපෑමක් අයකුට සිදු වුනි නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකරන බව කටාර් රජය පසුගියදා නිවේදනය කොට තිබේ.

කෙසේ නමුත් මෙම ක්‍රියාව මගීන්ට අතිශයින්ම කරදරකාරී ක්‍රියාවක් වන බවට අවධාරණය කරන ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන Marise Payne පෙන්වා දෙන්නේ මෙම සිදුවීම රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් දක්වා ගමන් කොට ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විනිවිද පරීක්ෂණයක් පවත්වන ලෙස Quatar අග්‍රාමාත්‍ය Khalid bin Khalifa bin Abdulaziz Al Thani බලධාරීන්ට සඳහන් කොට ඇති වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තු ලේකම් Frances Adamson සනාථ කොට ඇත්තේ එම සිද්දිය වන අවස්ථාවේ තම කාර්යමණ්ඩල සාමාජිකයකුද එක් ගුවන්යානයක සිට ඇති අතර අදාළ පරීක්ෂණ කටයුතු පිළිගත හැකි ප්‍රමිතියක පැවතී නොමැති බවයි.

විදේශයන්හි සිට ආපසු සිය රට බලා යන ඕස්ට්‍රේලියානුවන්ගෙන් %15 ක් පමණ Quatar ගුවන් සේවය හරහා ගමන් කරන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කරන්නේ මෙම සිදුවීම පිළිබඳව Quatar රජයෙන් පිළිතුරු අවශ්‍ය බවයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now