කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවන්ට පත් සමාගම් සහ ව්‍යාපාර වල සේවකයින් හට $1500 ක දීමනාවක්

Almost 60,000 businesses had signed up for the scheme within hours of it being announced on Monday afternoon.

Almost 60,000 businesses had signed up for the scheme within hours of it being announced on Monday afternoon. Source: AAP

කොරෝනා වයිරසය හමුවේ ආර්ථික පීඩාවට පත්වන පුද්ගලයින්ට සහන සලසන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තුන්වන සහන පැකේජය ඉදිරිපත් කිරීමට පෙර තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීම හෝ රැකියා කප්පාදු කිරීම නොකරන ලෙස මධ්‍යම රජය ඉල්ලා සිටියි.

මේ වන විටත් ඩොලර් බිලියන 80 කට අධික පිරිවැයකින් යුත් සහන පැකේජ දෙකක් මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇත.

නමුත් නුදුරේදීම ඉදිරිපත් කිරීමට යන තුන්වන සහන පැකේජය මෙතෙක් ඉදිරිපත් කළ සහන පැකේජයන්ට වඩා විශාල වන බව අගමැති Scott Morrison ඉඟි පළ කර තිබේ.

කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවන්ට පත් සමාගම් සහ ව්‍යාපාර වල සේවකයින් හට $1500 ක දීමනාවක් ලබා දීමට මෙම තුන්වන සහන පැකේජයෙන් අපේක්ෂා කෙරේ.

එම දීමනාව "job keeper" දීමනාව ලෙස හැඳින්වේ.

එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය මත පුද්ගලික හා ව්‍යාපාරික ස්ථාන වල කුලී මුදල් ගෙවීමේ ගැටළු සඳහාද සහන සැලසීමට මෙම නව සහන පැකේජයෙන් අපේක්ෂා කෙරේ.

ඊට අමතරව සුබ සාධන දීමනා ලබාගැනීමේදී පනවා ඇති යම් සීමාවන් මෙහිදී ලිහිල් කිරීමටද මධ්‍යම රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

කෙසේවෙතත්, රැකියාවන් සහ ආදායම් අහිමිවූවන්ට තම වැටුපෙන් 80% ක වැටුප් සහන දීමනාවක් ලබාදෙන එක්සත් රාජධානියේ ආකෘතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔස්ට්‍රේලියාවටම වෙන්වූ ආකෘතියක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

මෙම "job keeper" දීමනාව ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් ඇතුළු ඕනෑම වීසා ඛාණ්ඩයක් යටතේ සේවය කරන සෑම අයෙකුටම ලබාදෙනවාද යන්න තවමත් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

 


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service