කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවෙන් ඉතාලියටත් සංචාරක තහනමක්

Passengers wear face masks as a preventive measure against the COVID-19 coronavirus as  they arrive from a domestic flight at Beijing Capital Airport

Passengers wear face masks as a preventive measure against the coronavirus as they arrive in Beijing Airport Source: AFP

කොරෝනා වයිරසය හේතුවෙන් දැනට පනවා ඇති සංචාරක තහනම අතරට ඉතාලියද එක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කරයි.

ඒ අනුව ඔස්ට්‍ර්ලියානු ස්ථිර පදිංචි කරුවන් සහ පුරවැසි ලාභීන් නොවන පුද්ගලයිනට සහ ඉතාලි සංචරකයිනට මෙරටට ඇතුළු වීම තහනම් වේ.

දැනට ඉතාලියේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය නම් දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත්වීමට සිදුවෙයි.

ඔස්ට්‍රේලියාව මේ වන විට චීනය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා දැනටමත් සංචාරක සීමාවන් පනවා ඇත.

ඉතාලියේ කොරෝනා වයිරස් රෝගීන් 10,000 කට අධික සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 630 කට වඩා මිය ගොස් තිබේ.

අගමැති ස්කොට් මොරිසන් පවසන්නේ මෙම සංචාරක තහනම අනෙකුත් රටවලට පැනවූ සංචාරක නිතිවලට අනුකුලවම ක්‍රියාත්මක වනු ඇති බවයි.


Share

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now