ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය.

Sri Lanka’s tourism

Source: www.thenational.ae

සේවකයින් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් පුහුණු කිරීම සහ මග පෙන්වීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට වසර 4ක් පුරා රුපියල් බිලියන 1.6ක ආධාර සහ තාක්ෂණික සහය ලබා දීමට ඔස්ට්‍රේලියාව පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් විසින් පසුගිය බදාදා (11/01) දියත් කෙරුණු ‘Skills for Inclusive Growth Program’ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතා ඉහළ නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට අවස්තාව සලසෙනු ඇත.

මෙහි මූලික අදියර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කිරීමට අපේක්ෂිතය. මෙහිදී කාන්තාවන්, තරුණ පරපුර සහ ආබධිත පුද්ගලයින් හට ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇත.

ආහාර සපයන්නන්, සත්කාරක පුහුණුකරුවන්, වෘත්තීය ශිල්පීන්, surf උපදේශකයින්, නවාතැන් සපයන්නන් සහ කුලී රථ රියදුරන් හට මෙම වැඩසටහන මගින් බොහෝ ප්‍රතිලාභ අත් කරගත හැකිවේ.


Share

1 min read

Published

Updated

By Madhura Senviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now