චීන සංචාරකයින්ට අනෙක් රටවල කොවිඩ් නීති පනවන බැවින් ඔස්ට්‍රේලියාවද චීනයේ කොවිඩ් තත්ත්වය අධීක්ෂණය කරයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Virus Outbreak Travel Testing

FILE - Passengers wearing masks walk through the Capital airport terminal in Beijing on Dec. 13, 2022. Source: AP / Ng Han Guan/AP/AAP Image

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 38,610 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 27,665 ක් වාර්තා කර තිබේ.

එමෙන්ම පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 78 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් මරණ 32 ක් දක්වා පහත වැටී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ද පසුගිය සතියට වඩා මේ සතියේ වාර්තා වූ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩු අගයක් ගනී.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 16,568 ක් සහ මරණ 69 ක් සටහන් වී ඇත.

චීනයට පැමිණෙන සංචාරකයින් සඳහා වන නිරෝධායන අවශ්‍යතා ජනවාරි 8 සිට අවසන් කරන අතර රට තුළ COVID රෝගීන්ගේ වැඩිවීමක් නොතකා විදේශගතවන්නන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කරනු ඇත.

මේ අතර චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා ජපානය, ඉන්දියාව, ඉතාලිය සහ තායිවානය යන රටවල දැනටමත් ක්‍රියාත්මක වන අනිවාර්ය COVID පරීක්ෂණ ජනවාරි 5 වනදා සිට ඇමෙරිකාව විසින් ද පනවනු ඇත.

ඔස්ට්‍රේලියානු රජය චීනයේ කොවිඩ් තත්වය අධීක්‍ෂණය කරමින් සිටින අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ප්‍රතිචාර දක්වනු ඇති බව අගමැති ඇන්තනි ඇල්බනීස් බ්‍රහස්පතින්දා Seven නාලිකාවේ Sunrise වැඩසටහනට පැවසීය.

මේ අවස්ථාවේදී, චීනය සහ ඔස්ට්‍රේලියාව අතර ඇති සංචාරක උපදෙස්වල වෙනසක් සිදුවී නොමැති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන වෛද්‍ය නිලධාරි Paul Kelly බ්‍රහස්පතින්දා මෙම තීරණයට සහාය පළ කරමින්, චීනයේ ඉහළ යාමක් ඇති කරන කොවිඩ් ප්‍රභේද දැනටමත් ඔස්ට්‍රේලියාවේ සංසරණය වී ඇති බව පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, මධ්‍යම රජය ඔවුන්ගේ තීරණ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව සෞඛ්‍ය උපදෙස් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව ආගමන කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිත Dan Tehan සිකුරාදා Radio National වෙත පැවසුවේය.

පසුගිය රජය කළ සෞඛ්‍ය උපදෙස් වලට සහ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්‍රථම ස්ථානය ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.

නව අවුරුදු සැමරුමට යන විට, කොවිඩ්-ආරක්ෂිත සැලැස්මක් සමඟ කොවිඩ් ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාව දිරිමත් කරයි.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්, බාහිර හෝ හොඳින් වාතාශ්‍රය ඇති ප්‍රදේශවල රැස්වුවහොත්, මුව ආවරණ පළඳින්න, නැතිනම් ඔබට භෞතිකව දුරස් විය නොහැකි ස්ථානයකදී පැළඳීමට මුව ආවරණයක් අතේ තබා ගන්නා ලෙස ඔවුන් ජනතාවට උපදෙස් දී තිබේ.

ඔබේ එන්නත් සමඟ යාවත්කාලීන වන්න සහ ඔබ COVID ඖෂධ සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කරගන්න.

ඔබට නව වසර තුළ ඔබේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි නම්, ඔබට ජාතික කොරෝනා වයිරස් උපකාරක අංකය වන 1800 020 080 ඇමතිය හැකිය.

ඔවුන් දින හතේම පැය 24 පුරා විවෘතව පවතින අතර ඔබ ප්‍රතිවෛරස් සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කළ හැකිය.

නිවාඩු කාලය තුළ පහත සඳහන් අංකයන්ගෙන් අදාළ සේවාවන් ලබා ගත හැකිය:

  • Lifeline – 13 11 14. බිහිරි හෝ ශ්‍රවණාබාධ ඇති පුද්ගලයින් සඳහා, Lifeline on වෙත කෙටි පණිවිඩයක් යවන්න 0477 131 144
  • MindMap youth portal – 1800 862 111
  • Access Mental Health Team – 1800 629 354 or 02 6205 1065
  • Suicide Call Back Service – 1300 659 467

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory  Queensland

South Australia  Tasmania  Victoria  Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now