SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට කිරි දෙනුන් 2,000ක්.

Dairy heifers
Source: The Weekly Times

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ  කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ඉලක්කය සහිතව විශාල සහ මධ්‍ය පරිමාණ වාණිජ කිරි ගොවිපළ ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීමේ අරමුණින් කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

මෙහි පළමු අදියර ලෙස බටහිර ඕස්ට්‍රේලියානු සමාගමක් වන Wellard විසින් නවසීලන්ත කිරි දෙනුන් 2,000 ක්  ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට නියමිත අතර එම කිරි දෙනුන් 2017 මැයි 17 වන දින ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ ආනයනය කරනු ලබන උසස් වර්ගයේ කිරි ගවයින්, වාණිජ මට්ටමින් කිරි ගොවිපළවල් පවත්වා ගෙන යනු ලබන ගොවීන් වෙත සහන මිලකට ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සහන ණය යෝජනා ක්‍රමයක් හරහා ලබා දීමටත් නියමිතය.

එමෙන්ම, නවීන ගොවිපළ පිහිටුවීම සහ එහි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිලාභීන් වෙත පුහුණුව සහ පශු වෛද්‍ය සහාය ලබා දීමට අපේක්ෂිතය.

මේ වන විට පළමු අදියර සඳහා ප්‍රතිලාභී කිරි ගොවීන් තෝරා ගෙන ඇති අතර අදාළ ගොවිපළවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙමින් පවතී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now