කොවිඩ් වසංගතය පැමිණීමට පෙර කාලයට සාපේක්ෂව මෙම වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තමන්ගේ වීසා බලපත්‍ර අනුමත කර ගැනීමට සංචාරකයින් තුන් ගුණයකටත් අධික කාලයක් බලා සිට ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
බොහෝ චීන පුරවැසියන් ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ලබා ගැනීමට මාස හතරක් පුරාවට බලා සිටි බවද එම වාර්තාව හෙළි කරයි.
සංචාරක වීසා පිළිබඳ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2021 නොවැම්බර් 1 වන දින ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු වීසා පද්ධතියේ ප්‍රමාදයන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මතු කරයි.
COVID-19 වසංගතයට පෙර හා සසඳන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අයදුම් කරන සංචාරකයින් සහ ව්‍යාපාරිකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනස්කම් ද ඇතිවී ඇති බව එම වාර්තාව පෙන්වයි.
මෙම නවතම වාර්තාව 2022 අප්‍රේල් 1 සහ ජූනි 30 අතර වීසා අයදුම්පත් සලකා බැලීමට ගතවන වේලාවන් විස්තර කර ඇත.
600 සහ 676 යන වීසා උප ඛාණ්ඩවල සංචාරක වීසා සඳහා වූ අයදුම්පත්වලින් 75%ක් දින 59ක් ඇතුළත සලකා බලා ඇති බව එයින් පෙන්නුම් කෙරේ.
2019 වසරේ එම දින ගණන 16 ක් වූ අතර ඒ අනුව මේ වසරේදී සංචාරක වීසා අයදුම්පතක් සලකා බැලීම සඳහා 2019 වසරට සාපේක්ෂව 269 ගුණයක කාලයක් බලා සිටීමට සිදුවී තිබේ.
ව්‍යාපාරික වීසා සඳහා ද බලා සිටීමේ කාලය ද දින 15 දක්වා වැඩි වී තිබේ.
2020 මාර්තු 20 වන දා කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීමට පෙර කාලයේදී ඒ සඳහා ගතවූයේ දින 7 ක් පමණි.
2019 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ සංචාරක වීසා අයදුම්පත් මිලියන 1.3 ක් (සංචාරක සහ ව්‍යාපාරික වීසා ඇතුළුව) ගොනු කර ඇති අතර, මෙම වසරේ එම කාලය තුළ එම අගය 695,343 ක් පමණ බව සඳහන්.

බලා සිටීමේ කාලය වැඩි වී ඇත්තේ ඇයි?
මෙම වාර්තාව හරහා අප්‍රේල්-ජූනි දක්වා දත්ත හෙළිදරව් කරණ අතර බොහෝ දුරට වත්මන් Albanese රජය මැයි 21 ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර කාල පරිච්ඡේදය ආවරණය කරයි.
පැරණි අයදුම්පත් සලකා බලමින් සිටින බැවින් වීසා සඳහා බලා සිටීමේ කාලය අඩු වීමට යම් කාලයක් ගතවනු ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති සේවයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
වීසා බලපත්‍ර වඩාත් විධිමත් ලෙස සැකසීමට දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය වෙනස්කම් ක්‍රියාත්මක කරන බව ද ඔහු එම නිවේදනයේ පැවසීය.
ජුනි 1 වැනිදා සිට තාවකාලික සහ සංක්‍රමණ වීසා අයදුම්පත් මිලියන 2.8කට ආසන්න ප්‍රමාණයක් සලකා බලා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසීය.
මිලියන 1.5 කට අධික සංචාරක වීසා සහ 199,000 ක ශිෂ්‍ය වීසා මෙන්ම 43,000 ක temporary skilled වීසා අයදුම්පත් ඊට ඇතුළත් වේ.
ලබන වසරේ ජූලි - සැප්තැම්බර් කාලය තෙක් මේ බලා සිටීමේ කාලයේ වෙනසක් ඇති වේ යයි තමා නොසිතන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi පැවසුවේය.

සංචාරකයින් පැමිණීම තවමත් අඩුවෙන්
සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා යන දෙඅංශයෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව තවමත් පූර්ව COVID-19 මට්ටම්වලට වඩා බෙහෙවින් අඩුය.
2021/22 දී පුද්ගලයින් 699,725 ක් පමණ ඔස්ට්‍රේලියාවට සංචාරකයින් ලෙස පැමිණි අතර, 2018/19 දී එය මිලියන 6.5 කි.
එම සංචාරකයින්ගෙන් 17% ක් පමණ ඉන්දියාවෙන් ද, 15% ක් එක්සත් රාජධානියෙන් ද 12% ක් සිංගප්පූරුවෙන් ද විය.
2018/19 දී, 17% ක් චීනයෙන්, 11% ක් අමෙරිකවෙන්ද සහ 10% ක් එක්සත් රාජධානියෙන්ද විය.
චීන ජාතිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමේ දැන් අනුපාතය 2.3% ක් පමණක් වන අතර වසර තුනකට පෙර 2021/22 දී චීන ජාතිකයින් පමණක් 15,855 ක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.

සංචාරකයින් සඳහා වීසා අනුමත කිරීම් සම්බන්ධයෙන් ගත් කල, මූලික රටවල ද සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත.
2018/19 දී, COVID-19 පැමිණීමට පෙර, සංචාරක වීසා ආශ්‍රිත ප්‍රධාන රට චීනය වූ අතර, සංචාරක වීසා 856,110 ක් ලැබුණු බවත් එය අනුමත කළ මුළු සංචාරක වීසා මිලියන 5.2 න් සියයට 17 ක් බවත් වාර්තා වේ.
ඉන් පසුව ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ජපානය සහ මැලේසියාව එම ලැයිස්තුවේ පිළිවෙලට විය.
250,874 වීසා අනුමත කර ඇති ඉන්දියාව හයවන ස්ථානයට පත්විය.

සංචාරක වීසා අනුමතවීමේ අනුපාත
මෙම වසරේ අප්‍රේල්-ජූනි අතර, ඔස්ට්‍රේලියාව විසින් සංචාරක වීසා අයදුම්පත් (සංචාරක සහ ව්‍යාපාරික වීසා ඇතුළුව) සියයට 91.9ක් 2019 වසරේ මෙම කාලයට සාපේක්ෂව අනුමත කර ඇත.
කොවිඩ් වසංගතයට පෙර හෝ ඒ අතරතුර ගොනු කරන ලද වීසා අයදුම්පත් අවසන් කිරීම වීසා ලබා දීමේ අනුපාතයට බලපා ඇති බව මේ වන විට වටහාගෙන ඇත.
සංචාරක වීසා අනුමතවීමේ අනුපාත රටවල් අතර පුළුල් අයුරින් වෙනස් විය හැක.
ඔස්ට්‍රේලියාවට වැඩිපුරම සංචාරක වීසා අයදුම්පත් යොමු කරන රටවල් අතර එම අනුපාත දැක්වෙන්නේ පහත අයුරිනි.
ශ්‍රී ලංකාවේ අනුපාතය 77.3% කි.

