SKIP TO MAIN CONTENT

වෙළඳාමේදී විනිවිදව කටයුතු කරන්න ඕස්ට්‍රේලියාව චීනයට අවධාරණය කරයි

DAVID LITTLEPROUD
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

දෙරට අතර වෙළඳ ආතතිය ක්‍රමයෙන් ඉහල යාම හේතුවෙන් ලෝක වෙළඳ සංවිධාන නීතිවලට අනුකූලව සහ විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම අමාත්‍ය David Littleproud චීනයට අවධාරණය කොට තිබේ.

තම වයින් නිෂ්පාදන සඳහා සියයට 212 ක් පමණ දක්වා වූ ඉහල තීරු බදු පැනවීම මගින් තම නිෂ්පාදන විනාශ කිරීම් උත්සාහයක චීනය සිටින බව ඕස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින් පෙන්වා දේ. මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීන බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඕස්ට්‍රේලියානු වයින් චීනය තුල ඉතා අඩු මිලකට අලෙවි වන අතර එය චීන වගාකරුවන්ට හානියක් ගෙන දෙන්නක් බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය පිළිබඳව විරෝධය පළකරමින් ඕස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ එවැනි ගැටලුවක් පවතීනම් චීනයට එය ලෝක වෙළඳ සංවිධානය වෙත ගෙන යා යුතුව තිබූ බවයි.

චීනය මෙය කිසිදු ආර්ථික චේතනාවක් මුල්කරගනිමින් සිදු කරන්නක් නොවන අතර මෙම ක්‍රියාවන් පසුපස දේශපාලනික ආතතීන් පවතින බව අමාත්‍ය David Littleproud පෙන්වා දේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව නීති රීති මත පදනම් වූ සම්ප්‍රදායික ජාතියක් වන අතර ඔස්ට්‍රේලියාව සමග වෙළඳාම් කරන පිරිසද එලෙස නීතීන්ට ගරු කරන පිරිසක් බවට සෑමවිටම බලාපොරොත්තු වන බවයි.

මේ වන විටත් චීනය මගින්, ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වන බාර්ලි, කපු, මස්, මුහුදු ආහාර, සීනි, දැව සහ ගල් අඟුරු සඳහා සම්භාදක පනවා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now