SKIP TO MAIN CONTENT

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ක්‍රීඩකයින් පනිනවාද බලන්න ඔස්ට්‍රේලියාවෙන් විශේෂ කණ්ඩායමක්.

2018 Gold Coast Commonwealth Games
2018 Gold Coast Commonwealth Games Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා විදේශ රටවලින් පැමිණීමට නියමිත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරීන් ඔස්ට්‍රේලියාවේ වීසා නීති සහ ආගමන නීති පිළිබඳ මනා අවබෝධයකින් සිටීම වැදගත් බවත් යම් හෙයකින් ආගමන නීති උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් එහි ප්‍රතිඵල ද දැනගත යුතු බවත් ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකින් පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියලු විදේශ පිරිස් පිළිබඳ විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවත් ක්‍රීඩා උළෙල නිමවී යම් කිසි අයෙකු අනවසරයෙන් ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට තැත් කළහොත් ඒ පුද්ගලයාව රටින් නෙරපීමට කටයුතු කරන බවත් ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

මේ වන විට සහභාගී වන සියලු රටවල නියෝජිතයින් ව මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත් අමාත්‍ය Peter Dutton ගේ ප්‍රකාශය පිළිබඳ කිසිදු ගැටළුවක් නැති බවත් ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ, ක්‍රීඩා අංශයේ සභාපති Peter Beattie පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now