කොරෝනා ව්‍යාප්තිය අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ, ප්‍රධාන ඛාණ්ඩ 3 කට බෙදයි

Group of people waving Australian flags

Indians emerge as the second largest recipients of permanent residency grants in 2020-2021. Source: Getty Images

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව විසින් මෙරට ප්‍රදේශ, covid 19 ව්‍යාප්තිය දැක්වෙන ඛාණ්ඩ 3 ක් යටතේ වර්ගීකරණයට සැලසුම් සකස් කරයි.

එම ඛාණ්ඩ 3 , කොරෝනා රහිත, කොරෝනා පාලිත ප්‍රදේශ සහ ප්‍රජා සම්ප්‍රේෂණ කලාප ලෙසට වර්ගීකරණයට ලක්කොට තිබේ. මෙම නිර්දේශ, හෙට (18/09) පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව කොරෝනා රහිත කලාපයක් යනු "පෙර දින 28 තුළ ප්‍රජාවට අවදානමක් ගෙන දෙන සිද්ධීන් නොමැති ප්‍රදේශයක් ලෙසට අර්ථ දක්වා තිබේ.

එසේම කොරෝනා පාලිත කලාපයක් යනු දින 28 ක කාලයක් තුළ එම කලාපයේ කොරෝනා සිද්ධීන් වාර්තා වුනු ප්‍රදේශයක් වන නමුත් සෞඛ්‍ය බලධාරීන්ට වෛරසයේ ප්‍රභවය සොයා ගැනීමට හැකි වී ඇති කලාපයකි.

තවද community transmission zone හෙවත් ප්‍රජා සම්ප්‍රේෂණ කලාපයක් යනු “ප්‍රජාව තුළ රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශයක් වන අතර පෙර දින 28 තුළ කොරෝනා ආසාදනය හටගත් ප්‍රභවය පැහැදිලි නොමැති කලාපයක් ලෙසට අර්ථ දක්වා තිබේ.

මෙම වර්ගීකරණය ගෙන ආ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව යනු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් වන අතර එහි සභාපතිත්වය දරන්නේ මධ්‍යම රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසිනි.


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා ව්‍යාප්තිය අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ, ප්‍රධාන ඛාණ්ඩ 3 කට බෙදයි | SBS Sinhala