SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව අද සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සාමාජික අසුනේ වැඩ අරඹයි.

Australia will today start its three-year term on UNHR council.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව ත්‍රෛ වාර්ෂික වාරයේ සාමාජික ධුරයට පත් ඔස්ට්‍රේලියාව අද සිට තම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 15 ක් අදින් ඇරඹෙන වසර තුනක කාලය උදෙසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් විය.

මේ හේතුවෙන්ම සරණාගතයින් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්ති පිළිබඳ සියුම් නිරීක්ෂණයක යෙදිය යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  Michael Kirby පවසයි.

සරණාගතයින් රඳවා තබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව පවත්වාගෙන යන රටින් පිට සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර වාචිකව විවේචන ඉදිරිපත් කර තිබුණි.

එනිසාම මේ වසරේදී එම විවේචන වලට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියාව වඩා හොඳින් සූදානම් විය යුතු බව  Michael Kirby, A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now