SKIP TO MAIN CONTENT

ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඔස්ට්‍රේලියාව තේරී පත්වෙයි.

Australia wins seat on UN Human Rights Council
Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

වසර තුනක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහා ඔස්ට්‍රේලියාව ද තේරී පත්ව තිබේ.

2018 වසරේ ජනවාරි මාසයෙන් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව ත්‍රෛයි වාර්ෂික කාලය සඳහා ඔස්ට්‍රේලියාවද ඇතුළුව රටවල් 15 ක් තේරී පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඔස්ට්‍රේලියාවට ආසනයක් හිමිවූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.

නෙදර්ලන්තය සහ පෘතුගාලය සාමාජික ආසන ප්‍රතිස්ථාපනය කරමින් ඔස්ට්‍රේලියාව සඳහා මෙම අවස්තාව ලැබී ඇත.

ඇන්ගෝලාව, කොංගෝ, සෙනිගල්, ස්ලොවේකියා, යුක්රේනය, චිලී, මෙක්සිකෝ, පේරු, ඇෆ්ගනිස්තානය, නේපාලය, පාකිස්තානය සහ ස්පාඤ්ඤය යන රටවල් ඔස්ට්‍රේලියාවට අමතරව මෙවර අලුතින් තේරී පත්වූ රටවල් වේ.

ඊට අමතරව  නයිජීරියාව සහ කටාර් රාජ්‍යය දෙවැනි වරටත් එම අවස්තාව හිමි කරගත්තේය.

බොලීවියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති සාෂා සෝලිස් මේ බව නිල වශෙයෙන් නිවේදනය කළේය.

මෙම අවස්තාව ලෝකයේ පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීමට  ඔස්ට්‍රේලියාව ලද  ඉතා වටිනා වරමක් ලෙස ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් ප්‍රකාශ කළාය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now