SKIP TO MAIN CONTENT

නවසීලන්තයට එරෙහිව පැවති Boxing දින ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Australia won Boxing Day Test Match against New Zealand by 247 runs
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවති Boxing දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 247 ක දැවැන්ත ජයක් අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 467 ක් ලබා ගත්තේය.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Travis Head ලකුණු 114 ක් ලබාගත්තේය.

අනතුරුව ප්‍රථම ඉනිම ආරම්භ කළ නවසීලන්තය ලකුණු 148 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වුහ.

සිය දෙවනි ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව කඩුලු 5 කට ලකුණු 168 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා නවසීලන්තයට සිය දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේය.

ලකුණු 488 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි නවසීලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 240 ක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 247 ක දැවැන්ත ජයක් අත්විය.

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ Travis Head හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි 03 වන දින සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now