SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් A කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කරයි.

Australian Cricketers’ Association boycott South Africa tour.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් A කණ්ඩායම මෙම මාසයේ දී සංචාරය කිරීමට නියමිතව තිබු  දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය අද (06/07) නිල වශෙයන් නිවේදනය කළේය.

ක්‍රීඩකයින්ගේ දීමනා සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිව තිබු අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් නොවීම මත මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවැනි අන්දමේ සංචාරයක් වර්ජනය කළ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගතවන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාව තුළ සිටින පිරිමි හා කාන්තා ක්‍රීඩකයින් 200 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විරැකියා තත්ත්වයෙන් සිටින බවත් ඔවුන්ට සහය දැක්වීමක් වශයෙන් මේ තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now