SKIP TO MAIN CONTENT

COVID 19 update 25 August: කොවිඩ් කළමනාකරණයට ඔස්ට්‍රේලියාවේ Aged care සේවාවන් සඳහා අමතර අරමුදල්

2022 අගෝස්තු 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVID19 AGED CARE ADF SUPPORT
Royal Australian Navy sailors speaking with Western Australia aged-care facility residents as part of Operation COVID-19 Assist. (AAP Image/Supplied by Australian Defence Force) Credit: LSIS ERNESTO SANCHEZ/PR IMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 43 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 12 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 හි සෘජු බලපෑම් කළමනාකරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සුදුසුකම් ලත් aged care සේවා සපයන්නන් සඳහා අමතර අරමුදල් ලබා දී ඇත.

Residential aged care නිවාස සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ සහ Rapid Antigen පරීක්ෂණ කට්ටල සැපයීම දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව සිදු කිරීමට ද මධ්‍යම රජය තීරණය කළේය.

COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාව තුළ අවයව පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීමේ ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුබසාධන ආයතනය සිය නවතම වාර්තාවේ සඳහන් කළේය.

2019 ට සාපේක්ෂව 2020 දී මියගිය පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු බද්ධ කිරීම් 18% කින් පහත වැටී ඇති බව එහි සඳහන් වේ. 2020 ට සාපේක්ෂව 2021 දී එහි 6.8% ක තවදුරටත් අඩුවීමක් දක්නට ලැබේ.

ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන Jill Biden හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඇය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

සතිපතා වාර්තා වන නව ගෝලීය COVID-19 රෝගීන් 9% කින් අඩු වී ඇති අතර අගෝස්තු 21 න් අවසන් වූ සතිය සඳහා කොවිඩ් මරණ 15% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කළේය.

ජපානය, කොරියාව, ඇමෙරිකාව, ජර්මනිය සහ රුසියාව ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now