Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 43 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 12 ක්ද ඊට ඇතුලත්වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
COVID-19 හි සෘජු බලපෑම් කළමනාකරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සුදුසුකම් ලත් aged care සේවා සපයන්නන් සඳහා අමතර අරමුදල් ලබා දී ඇත.
Residential aged care නිවාස සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ සහ Rapid Antigen පරීක්ෂණ කට්ටල සැපයීම දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව සිදු කිරීමට ද මධ්‍යම රජය තීරණය කළේය.
COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාව තුළ අවයව පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීමේ ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුබසාධන ආයතනය සිය නවතම වාර්තාවේ සඳහන් කළේය.
2019 ට සාපේක්ෂව 2020 දී මියගිය පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු බද්ධ කිරීම් 18% කින් පහත වැටී ඇති බව එහි සඳහන් වේ. 2020 ට සාපේක්ෂව 2021 දී එහි 6.8% ක තවදුරටත් අඩුවීමක් දක්නට ලැබේ.
ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන Jill Biden හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඇය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
සතිපතා වාර්තා වන නව ගෝලීය COVID-19 රෝගීන් 9% කින් අඩු වී ඇති අතර අගෝස්තු 21 න් අවසන් වූ සතිය සඳහා කොවිඩ් මරණ 15% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කළේය.
ජපානය, කොරියාව, ඇමෙරිකාව, ජර්මනිය සහ රුසියාව ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා කර ඇත.