ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ජූලි 01 සිට ඉහළට, සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

අයදුම්පත් ගාස්තු නිදහස් කිරීමට අදාළ වන සුදුසුකම් සඳහා කිසිදු වෙනසක් සිදු නොවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Australian citizenship application fees increased from 1 July 2023

Australian citizenship application fees increased from 1 July 2023

2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ඉහළ දමන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයදුම්පත් සැකසීමේ පිරිවැය වැඩිවීම මත මෙලෙස අයදුම්පත් ගාස්තු වැඩි කිරීමට තීරණය කළ බව ඔවුහු පවසති.

සෑම වසරකම ජූලි 01 වන දින, ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) මත පදනම්ව පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු තීරණය කෙරේ.

අයදුම්පත් ගාස්තු නිදහස් කිරීමට අදාළ වන සුදුසුකම් සඳහා කිසිදු වෙනසක් සිදු නොවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ජූලි 01 සිට වැඩි වන අයුරු

අයදුම්පත් වර්ගය2023 ජූලි 01 සිට ගාස්තු (AUD)
Australian citizenship by conferral—සාමාන්‍ය සුදුසුකම් මත (Form 1300t)
සම්මත ගාස්තුව$540
සහන ගාස්තුව$75
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තුගාස්තු නිදහස් කෙරේ
 
Australian citizenship by conferral— වෙනත් තත්වයන් (Form 1290)
සම්මත ගාස්තුව$330
සහන ගාස්තුව$40
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තුගාස්තු නිදහස් කෙරේ
 
Australian citizenship by descent (Form 118)
තනි අයදුම්පත / සහෝදර සහෝදරියන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අයදුම් කරන විට පළමු පුද්ගලයාට$345
 එකම අවස්ථාවේදීම අයදුම් කරන දෙවැනි හෝ සෙසු අය සඳහා$145
 
සම්පූර්ණ හේග් සම්මුතිය හෝ ද්විපාර්ශ්වික විධිවිධාන යටතේ දරුකමට හදාගත් ළමුන් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය (Form 1272)
තනි අයදුම්පත / සහෝදර සහෝදරියන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අයදුම් කරන විට පළමු පුද්ගලයාට$345
 එකම අවස්ථාවේදීම අයදුම් කරන දෙවැනි හෝ සෙසු අය සඳහා$145
 
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම (Form 128)
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම සඳහා$290
 
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම (Form 132)
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම සඳහා$230
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තුගාස්තු නිදහස් කෙරේ
 
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම (Form 119)​
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සඳහා වෙනම අයදුම්පතක් යොමු කිරීමේදී$265
ස්වාභාවික විපතක් හේතුවෙන් අහිමි වූ, විනාශ වූ හෝ හානි වූ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන අයදුම්පතකටගාස්තු අය නොකෙරේ

 මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now