ලෙබනන් හි බීරුට් අගනුවර ඇතිවුණු දැවැන්ත පිපිරීමෙන් එක් ඔස්ට්‍රේලියානුවෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. (වීඩියෝ සහිතයි)

Graphic content / A picture shows the scene of an explosion at the port in the Lebanese capital Beirut on August 4, 2020.

EDITORS NOTE: Graphic content / A picture shows the scene of an explosion at the port in the Lebanese capital Beirut on August 4, 2020. (Photo by STR / AFP) (P Source: AFP

ලෙබනන් හි බීරුට් අගනුවර ඇතිවුණු දැවැන්ත පිපිරීමකින් එක් ඔස්ට්‍රේලියානුවෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. සිදුවීමෙන් මේ වන විට නිලවශයෙන් වාර්තා වී ඇති පුද්ගලයින් ගණන 73ක් වන අතර පුද්ගලයින් 3,700 කට අධික සංක්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අගමැති ස්කොට් මොරිසන් අද - අගෝස්තු 5 දා උදෑසන මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ දැනට ලෙබනන්හි ඕස්ට්‍රේලියානුවන් 20,000ක් පමණ සිටින බවයි. එහෙත් පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තම වාසස්ථාන වෙනස් කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාවෙහි මඳ වශයෙන් වෙනස් වීමක් සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කොට සිටියේය.

එසේම මෙම සිදුවීමෙන් මියගිය ඔස්ට්‍රේලියානුවාගේ පවුල වෙත තම කණගාටුව ප්‍රකාශ කොට සිටින බවද අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් දන්වා සිටී.

Scott Morrison's twitter massage on Lebanon attack
Scott Morrison's twitter massage on Lebanon attack Source: SBS Sinhala radio

මෙම දැවැන්ත පිපිරීම සිදුව ඇති ලෙබනන් හි අගනුවර වන බීරූට් හි ස්ථාපිත ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට මෙම පිපිරීමෙන් දැවැන්ත හානියක් සිදුව ඇති බවත්, නමුත් එහි සේවයෙහි නියුතු කාර්යමණ්ඩලය ඉන් පිටතට පැන දිවි ගලවාගැනීමට සමත්ව ඇති බවත් අගමැති වරයා වැඩිදුරටත් හෙළිකොට සිටියේය. කාර්ය මණ්ඩලය සම්බන්දයෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නමැති බවද අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කොට සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න 

 


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now