SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය වෙනස් කරයිද?

Australian Constitution section 44
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව සඳහන් කෙරෙන ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන අගමැතිනි Julie Bishop පවසයි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ලැබූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnarby Joyce, ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක්  පැවැත්වීමට ඉල්ලීමක් කර තිබුණි.

නමුත් දැනට පවතින 44 වන වගන්තිය පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය සැහීමකට පත්වන බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන අගමැතිනි Julie Bishop පැවසුවාය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now