ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය වෙනස් කරයිද?

Australian Constitution section 44

Source: Flickr

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව සඳහන් කෙරෙන ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන අගමැතිනි Julie Bishop පවසයි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ලැබූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අගමැති සහ නැෂනල්ස් පක්ෂයේ නායක Barnarby Joyce, ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක්  පැවැත්වීමට ඉල්ලීමක් කර තිබුණි.

නමුත් දැනට පවතින 44 වන වගන්තිය පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය සැහීමකට පත්වන බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන අගමැතිනි Julie Bishop පැවසුවාය.

SBS පුවත් ඇසුරෙනි.


Share

1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service