SKIP TO MAIN CONTENT

ලැව් ගිනි වලින් පීඩාවට පත් ජනයාට සහය වීමට විශ්‍රාම ගිය සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරු නැවතත් තරග බිමට

 Australian Cricket Legends come out of retirement for bushfire relief
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් පීඩාවට පත් ජන ප්‍රජාවන්ට සහය සැපයීමේ අරමුණින් Bushfire Cricket Bash නමින් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පැවැත්වීමට Cricket Australia ආයතනය සූදානම් වේ.

මෙම තරගය එළඹෙන පෙබරවාරි 8 වන දින පැවැත්වීමට නියමිත අතර තරග වදින කණ්ඩායම් ද්විත්වය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගී වීමට නියමිතය.

එහිදී මෙතෙක් ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරිතම දඟ පන්දු යවන්නා වන Shane Warne එක් කණ්ඩායමකට නායකත්වය සපයන අතර ඔස්ට්‍රේලියානු පිළේ හිටපු නායකයකු වන Ricky Ponting අනෙක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන Adam Gilchrist, Brett Lee, Justin Langer, Michael Clarke, Shane Watson සහ Alex Blackwell මේ වන විටත් මෙම තරගය සඳහා සහභාගී වන බව දන්වා තිබේ.

මෙම Bushfire Cricket Bash තරගයට සමගාමීව විශාල වශයෙන් අරමුදල් රැස් කිරීමේ කටයුතු සිදු කිරීමට සංවිධායකයින් සූදානම් වන නමුත් තවමත් මෙම තරගය පවත්වන ක්‍රීඩාංගණය තීරණය කර නැති බවද වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අනුව මෙම Bushfire Cricket Bash තරගය පවත්වන ක්‍රීඩාංගණය තීරණය වනු ඇති බව Cricket Australia ආයතනය පවසයි.

මෙම තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී (MCG) පැවැත්වීමට බොහෝ විට ඉඩ ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now