SKIP TO MAIN CONTENT

2017 ඔස්ට්‍රේලියානු දිනයේ සම්මාන ලාභීන්: ඔස්ට්‍රේලියාවේ පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය මෙවර හිටපු අගමැතිනී Julia Gillard ට.

Australia Day Awards 2017
Former Australian Prime Minister Julia Gillard Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

2017 ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන්  පිරි නමන "Australian of the Year" හෙවත් වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය මෙවර හිමි කරගැනීමට ජෛව වෛද්‍ය විද්‍යාඥ, මහාචාර්ය Alan Mackay-Sim සමත් විය.

ඔහු විසින් සිදු කළ කඳ සෛල ආශ්‍රිත පර්යේෂණ කටයුතු ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය ඔහු වෙත පිරි නමා තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය  Malcolm Turnbull විසින් ඊයේ (25/01) දිනයේදී කැන්බරා මධ්‍යම පාර්ලිමේන්තුවේ පැවති නිල උත්සවයේදී මෙම සම්මාන පිරි නැමීය.

ඊට අමතරව The Senior Australian of the Year සම්මානය Northern Territory, Tiwi දූපත් හි Anne Gardiner කන්‍යා සොයුරිය විසින් හිමි කරගත් අතර Young Australian of the Year සම්මානය දකුණු ඔස්ට්‍රේලියාවේ විලාසිතා නිර්මානශිල්පී Paul Vasileff හට හිමි විය.

Local Hero for 2017 හෙවත් 2017 වසරේ දේශීය වීරයා සම්මානය වික්ටෝරියා ප්‍රාන්තයේ Warrnambool ප්‍රදේශයේ Vicki Jellie හට හිමි විය.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන companion of the order of Australia සම්මානය මෙවර පිරි නැමුණේ  හිටපු අගමැතිනී  Julia Gillard හටය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now