SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස්වේ

National Cabinet meeting to discuss COVID-19
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මේ වන විට පනවා ඇති නීති හා සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරි වල කොරෝනා වසංගතය සතුටුදායක අන්දමින් පාලනය කර ඇති අතර වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් යළි වැඩිවීමක් දක්නට ලැබෙමින් පවතී.

බටහිර මෙල්බර්න් කලාපයේ මස් සැකසුම් මධ්‍යස්ථානයට සම්බන්ධවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (07/05) දිනය වන විට 62ක් බව වාර්තා විය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ඊයේ දිනයේදී පමණක් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 ක් බව වාර්තා වේ.

එයින් 14 ක්ම වාර්තා වුයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වූ අතර තිදෙනෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඊයේ දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදනය වූ මුළු පිරිස 6,896 ක් ලෙස දැක්වුණු අතර ඉන් 6,035 ක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 97 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now