SKIP TO MAIN CONTENT

"..ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." - සේවා ස්ථාන නීති වෙනස් කිරීමට ප්‍රධාන පක්ෂ දෙකම අපේක්ෂා කරයි.

සේවක වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ සේව්‍ය ආයතන සහ වෘත්තීය සමිති අතර ඇතිවන අහිතකර ගිවිසුම් වැළක්වීමට මෙම නීති ගෙන එන බව සන්ධාන රජයේ රැකියා පිළිබඳ අමාත්‍ය මිෂෙලියා කෑෂ් පවසයි.

Teamwork and team spirit -
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මහමැතිවරණයෙන් කුමන පක්ෂයක් ජය ලැබුවද සේවා ස්ථාන නීති වෙනස් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

සේවක වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ සේව්‍ය ආයතන සහ වෘත්තීය සමිති අතර ඇතිවන අහිතකර ගිවිසුම් වැළක්වීමට මෙම නීති ගෙන එන බව සන්ධාන රජයේ රැකියා පිළිබඳ අමාත්‍ය Michaelia Cash පවසයි.

ප්‍රශ්න ඇති නොකිරීම උදෙසා පුහුණු වැඩසටහන්, පර්යේෂණ සහ වෙනත් ක්‍රියා සඳහා වෘත්තීය සමිති වෙත සමාගම් මුදල් ලබා දෙන බව හේඩන් රාජකීය කොමිසම අනාවරණය කොටගෙන තිබේ.

"මේ සියල්ලම විනිවිදභාවයකින් යුක්ත විය යුතුයි." අමාත්‍ය Michaelia Cash ප්‍රකාශ කළේ විපක්ෂයේ නියෝජිත බ්‍රෙන්ඩන් ඕ කොනර් සමග විවාදයකට එක වෙමිනි.

සේව්‍ය ස්ථාන වල නීති වලට පටහැනිව ක්‍රියා කරන වෘත්තීය සමිති නිළධාරීන් බල රහිත කිරීමට අධිකරණයට බලය ලබා දෙන බවද ඇය වැඩි දුරටත් පැවසීය.

වෘත්තීය සමිති වල නීති විරෝධී ක්‍රියා කම්කරු පක්ෂය කිසි සේත්ම අනුමත නොකරන බව විපක්ෂයේ නියෝජිත බ්‍රෙන්ඩන් ඕ කොනර් පවසයි.

රට තුළ සේවකයන් සූරා කෑම පිළිබඳ වෘත්තීය සමිති වලට පමණක් ඍජුව චෝදනා කර නොහැකි බවත් ඇතැම් දුෂ්ට සම්ගම්ද එම චෝදනාවට හසුවිය යුතු බවත්  ඕ කොනර් පවසයි.

විපක්ෂයේ නියෝජිත බ්‍රෙන්ඩන් ඕ කොනර් වැඩි දුරටත් පැවසුවේ අනියම් සේවකයන් පිළිබඳ කම්කරු පක්ෂය වැඩි අවධානයක් යොමු කරන බවයි.

මීට අමතරව සුළු පරිමාණ ව්‍යාපාරකයින් සමගද නම්‍යශීලී ලෙස  ගනු දෙනු කිරීමට කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බව ඕ කොනර් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now