SKIP TO MAIN CONTENT

"..ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." - කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ හදවත බවට "Medicare" පත්වෙයි.

Medicare ජනතා අයිතියට පැවරීම, GP rebate නොහොත් GP ප්‍රතිදාන මුදල මුදා හැරීම, ඖෂධ වල මිල ගණන් ඉහළ යාම වැළක්වීම යන පොරොන්දු මේ වන විට කම්කරු පක්ෂය ජනතාව හමුවේ තබා ඇත.

Leader of the Opposition Bill Shorten arrives at the Labor campaign launch in Penrith, Sydney
Leader of the Opposition Bill Shorten arrives at the Labor campaign launch in Penrith, Sydney Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කම්කරු පක්ෂයේ නායක බිල් ශෝර්ටන් Medicare සඳහා ජනමත විමසුමක් පැවැත්වීමට සහ සුළු පරිමාණ ව්‍යාපාරකයින් හට අමතර සහන සැලසීමට පොරොන්දු වෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඊයේ දිනයේදී නිළ වශයෙන් එළි දක්වමිනි.

"අපිට පෙර ජනතාව" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා බොබ් හොව්ක්, පෝල් කීටින් සහ ජූලියා ගිලාඩ් යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියේය.

කම්කරු පක්ෂයේ උගතුන්  විශ්වාස කරන පරිදි ජනතාවගේ විශාලතම බිය Medicare පුද්ගලීකරණය වීමට ඇති ඉඩ කඩය.

වත්මන් රජය Medicare ගෙවීම් ක්‍රියාවලියට පුද්ගලික අංශයේ සහභාගී කරගැනීමක් සිදු කිරීමට යන බවද මෙහිදී බිල් ශෝර්ටන්  ප්‍රකාශ කළේය

"මෙම මැතිවරණය,ඔබට  ඔබේ පවුලට සහ සමස්ත ඔස්ට්‍රේලියාවටම වැදගත් වන්නේ ඇයි කියල ඔබ දැනගන්න කැමැතිද? මට පුළුවන් තනි වචනෙකින් උත්තරේ  දෙන්න. ඒ තමයි Medicare.” විපක්ෂ නායකවරයා ඊයේ දිනයේදී මෙම අදහස් පළ කලේ සිඩ්නි නුවර පෙන්රිත් නගරයේ කම්කරු පක්ෂ සාමාජිකයින් 500 දෙනෙකු පමණ පැමිණි හමුවකට සහභාගී වෙමිනි.

Medicare ජනතා අයිතියට පැවරීම, GP rebate නොහොත් GP ප්‍රතිදාන මුදල මුදා හැරීම, ඖෂධ වල මිල ගණන්  ඉහළ යාම වැළක්වීම යන පොරොන්දු මේ වන විට කම්කරු පක්ෂය ජනතාව හමුවේ තබා ඇත.

නියම සෞඛ්‍ය පද්ධතියක් පුද්ගල සුභ සිද්ධිය උදෙසා පමණක් නොව නවීන ආර්ථීකයකටද මහත් පිටිවහලක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සුළු පරිමාණ ව්‍යාපාරකයින් හට ඩොලර් 20,000ක බදු සහනයක් ලබා දීමද කම්කරු පක්ෂයේ තවත් ප්‍රධාන පොරොන්දුවක් වී තිබේ. මෙම සහනය හිමි වන්නේ ඩොලර් මිලයන දෙකකට වඩා අඩු පිරිවැටුමක් ඇති ව්‍යාපාර සඳහාය. මෙමගින් නව රැකියා 30,000ක් පමණ වසරක් පාසා බිහි වේවි යයි ඔහු විශ්වාස  කරයි.

මේ අතර අගමැති මැල්කම් ටර්න්බුල් බටහිර සිඩ්නි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පවසා සිටියේ රජය Medicare පුද්ගලීකරණය කිරීමට සූදානමින් සිටින බවට විපක්ෂය බොරු චෝදනා එල්ල කරමින් යන බවයි.

සන්ධාන රජය ඉදිරියේදී Medicare සේවාවේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Medicare පුද්ගලීකරණය කිරීමක් හෝ Medicare සඳහා පුද්ගලික සමාගමක් සම්බන්ධ කරගැනීමක් සිදු නොවන බවද  අගමැති ටර්න්බුල් අවධාරණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now