“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – ඡන්ද දායකයින්ගේ ප්‍රධාන අපේක්ෂාවන් අතරේ “Medicare” තවමත් පෙරමුණේ : SBS නවතම සමීක්ෂණයෙන් හෙළිවේ.

කම්කරු පක්ෂය Medicare පිළිබඳ මෙම දිනවල ගෙනයන ආන්දෝලනාත්මක ප්‍රවර්ධන ව්‍යාපාර හේතුවෙන් දෝ මෙම සමීක්ෂණයට සහභාගී වූ 45%ක ප්‍රතිශතයක් Medicare අතිශය වැදගත් කරුණක් සේ සළකන බව අනාවරණය වුණි.

Medicare

Medicare benefits for mental health, AAP,Supplied:SBS Sinhala, Dr.Dhushan Illesinghe Source: AAP

මෙවර ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේදී ඡන්දය ලබාදීමේදී ඡන්ද දායකයින් Medicare සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. SBS මාධ්‍ය ජාලය සහ Essential Media ආයතනය එක්ව මෙම සමීක්ෂණය සිදු කර ඇත.

කම්කරු පක්ෂය Medicare පිළිබඳ මෙම දිනවල ගෙනයන ආන්දෝලනාත්මක ප්‍රවර්ධන ව්‍යාපාර හේතුවෙන් දෝ මෙම සමීක්ෂණයට සහභාගී වූ 45%ක ප්‍රතිශතයක් Medicare අතිශය වැදගත් කරුණක් සේ සළකන බව අනාවරණය වුණි.

විපක්ෂ නායක බිල් ශෝර්ටන් Medicare පුද්ගලීකරණය කිරීමට සන්ධාන රජයේ උත්සාහ දරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමටද පොරොන්දු වී තිබේ.

නමුත් අගමැති මැල්කම් ටර්න්බුල් එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

රටේ ආර්ථික කළමනාකරණය වැදගත් කරුණක් ලෙස 35%ක ප්‍රතිශතයක් මෙම සමීක්ෂණයේදී මත පළ කර ඇති අතර 22%ක් කියා සිටියේ තමන්ට සහ තම පවුලට සෙත සලසන පක්ෂයට තමන් ඡන්දය ලබාදෙන බවයි.  

ඡන්ද දායකයින් පක්ෂ නායකයින් පිළිබඳ එතරම් තැකීමක් නොකරන බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති අතර පක්ෂ නායකයින් මෙම මැතිවරණයේදී වැදගත් කරුණක් සේ සලකා ඇත්තේ 6%ක් පමණි.

Superannuation ප්‍රතිපත්ති සඳහා 7%ක්ද පාරිසරික ප්‍රතිපත්ති සඳහා 13%ක්ද කැමැත්ත පළ කර තිබේ. අධ්‍යාපනය සහ බදු ප්‍රතිපත්ති මැද මාවතේ දැකිය හැකි අතර ඒ සඳහා ලැබී ඇත්තේ 17%කගේ කැමැත්ත පමණි. මේ අතර 33%ක් ප්‍රකාශ කර ඇත්තේ තමන් ස්වාධීන අපේක්ෂකයන්ට හෝ සුළු පක්ෂ සඳහා ඡන්දය භාවිතා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ බොහෝ සමීක්ෂණ වලදී අගමැතිවරයා වීමට සුදුසු හොඳම පුද්ගලයා තෝරන්නටද කටයුතු යොදා තිබුණි. මැල්කම් ටර්න්බුල්ට සහ බිල් ශෝර්ටන්ට  අකමැති ප්‍රතිශතය මෙම සමීක්ෂණයට අනුව වාර්තා වූයේ පිළිවෙලින් 50% සහ 48%ක් ලෙසය.

මීට අමතරව Essential Media ආයතනය ඊයේ දිනයේදී (29/06/2016) නිකුත් කළ තවත් සමීක්ෂණ වාර්තාවට අනුව හොඳම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය පිළිබඳවද දත්ත රැස්කර තිබුණි. එහිදී අගමැති ටර්න්බුල් ප්‍රමුඛ ලිබරල් සන්ධානයට 30%ක් සහ විපක්ෂ නායක බිල් ශෝර්ටන් ප්‍රමුඛ කම්කරු පක්ෂයට 28%ක් ද කැමැත්ත පළ කර ඇත.

ලිබරල් සන්ධානය නැවත බලයට පත් වුවහොත් Medicare පුද්ගලීකරණය කරනු ඇතිද නැතිද යන්නද එම සමීක්ෂණයෙන් විමසා තිබුණි. ඒ සඳහා Medicare පුද්ගලීකරණය කරනු ඇති යනුවෙන් 50%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

මැතිවරණ ප්‍රවර්ධන කටයතු වලදී පක්ෂවල ප්‍රතිපත්ති සහ ප්‍රකාශ එළිදැක්වීම පිළිබඳවද SBS මාධ්‍ය ජාලය විසින් ඡන්ද දායකයින්ගෙන් විමසීමක් සිදු කරන ලදී. මෙහිදී 44%ක් කියා සිටියේ පක්ෂ තම ප්‍රතිපත්ති අනාවරණය කිරීම වැදගත් බවයි.

ස්වාධීන අපේක්ෂකයන් සහ ග්‍රීන්ස් පක්ෂය අතර සන්ධානයක් ඇතිවීමට ඉඩ ඇති බවටත් එය රටට විනාශයක් ගෙන දෙන එකක් බවටත් පසුගිය දිනවල අගමැති ටර්න්බුල් තම කතා අතරතුරේදී ප්‍රකාශ කර සිටියේය. නමුත් මෙම සමීක්ෂණයට අනුව 35%ක් ප්‍රකාශ කර ඇත්තේ එසේ වීමෙහි අගතියක් නොමැති බවත් එය මීළඟ රජයේ බල තුලනයට සාධනීය ලකුණක් බවත්ය.  


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now