ඔස්ට්‍රේලියානු දේශපාලනයේ කවදත් ආන්දෝලනාත්මක පුවත් මැවූ One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඉස්ලාම් ආගම සාමය බිහි කරන ආගමක් නොවන බව ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව එය ආගමක් වශයෙන්ද ඇය නොසලකන බවද ප්‍රකාශ කර තිබේ.
වසර 20කට පසුව නැවතත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඒමට සූදානම්වන ඇය වැඩි දුරටත් කියා සිටියේ තමන් ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ නොවන බවයි. නමුත් ඔස්ට්‍රේලියාව තුළ ඉස්ලාම් ආගම, මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් පාසල් වල ඉස්ලාම් ඉගැන්වීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹ ඇති බව ඇය පවසා තිබේ.
ඉස්ලාම් යනු ආගමක්ද නැතහොත් දේශපාලන සංකල්පයක්ද යන ගැටලුව ඇය රාජකීය කොමිසම වෙතටද රැගෙන යන බව සඳහන් කර ඇත.
මෙරටට තව දුරටත් සිදුවන මුස්ලිම් සංක්‍රමණ නැවැත්වීමටත් මුස්ලිම් සරණාගතයන් හට ඉඩ ලබාදීම නැවැත්වීමටත් ඇයට අවශ්‍යව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සියලු මුස්ලිම් පල්ලි වල සහ මුස්ලිම් පාසල් වල ආරක්ෂක කැමරා සවි කිරීමටද ඇයට අවශ්‍යව තිබේ. මීට අමතරව අලුතින් මුස්ලිම් පල්ලි ඉදි කිරීම තහනම් කිරීමටද පොදු ස්ථානවල බුර්කාව සහ නිකාබ් ඇඳීම තහනම් කිරීමටද ඇය බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ ඕනෑම ආගමක් ඇදහීමට නිදහස ලබාදීම යන කරුණ වෙනස් කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමටද උත්සාහ ගන්න බව ඇය ප්‍රකාශ කර සිටියාය.
මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ ..."ඔබට අපගේ ආචාර්ය ධර්ම, සිරිත් විරිත් තියෙනවා. ඔබට බුර්කාවවත් පල්ලිවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැනගන්න කැමතියි මුස්ලිම් පල්ලි ඇතුලේ එයාලා මොනවද උගන්වන්නේ කියල. මේකද ඔස්ට්‍රේලියාවේ අපි බලාපොරොත්තුවන සමාජ ක්‍රමය? මම හිතන්නේ නැහැ. ඔබට මෙහෙ පාරක් පාරක් ගානේ ත්‍රස්තවාදය දකින්න ඕනෙද? ඔස්ට්‍රේලියානුවන් ත්‍රස්තවාදය නිසා මිය යනවා බලන්න කැමතිද? " යනුවෙනි.
මැතිවරණයෙන් පසු ඇගේ ප්‍රථම මාධ්‍ය හමුවේදී ඉස්ලාම් විරෝධී කරුණු පමණක් කතා කිරීමට තමාට අවශ්‍ය නොවන බවද ය පැවසුවාය.
මෙහිදී ඇය පවුල් සම්බන්ධ නීති නැවත සැකසීම, රැකියා උත්පාදනය සහ විදේශ ආයෝජන පිළිබඳවද සාකච්ඡා කළාය.
මීට දශක දෙකකට පෙරාතුව චීන සම්භවයක් ඇති ආසියානුවන්ගෙන් ඔස්ට්‍රේලියානුවන්ට බරපතල අවධානමක් ඇති වනු බවට තමන් අනතුරු ඇඟවූ බව ඇය මෙහිදී නැවත සිහිපත් කළාය.
ඔබ දැන් සිඩ්නි නුවර Hurstville හෝ අනෙක් ප්‍රදේශ වෙත ගොස් බැලු විට චීන සම්භවයක් ඇති ආසියානුවන් කොපමණ ප්‍රමාණයක් ඔස්ට්‍රේලියනුවන් අභිභවා ගොස් ඇතිද යන්න පැහැදිලිව පෙනෙන බව ද ඇය මෙහිදී අවධාරණය කර සිටියාය. ඇය අවසන් ලෙස කියා සිටියේ ලිබරල් සන්ධානය හෝ කම්කරු පක්ෂය සමග හෝ ඇය එක්ව කටයුතු කිරීමට සැරසෙන බවය.

