SKIP TO MAIN CONTENT

"..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." - කම්කරු පක්ෂයේ Medicare මැතිවරණ sms පණිවිඩය තවත් බරපතල අතට

"ටර්න්බුල් Medicare පුද්ගලීකරණය කිරීමට සැරසෙයි. Medicare බේරාගැනීමට කාලය සීමිතයි" යනුවෙන් එම කෙටි පණිවිඩයේ සඳහන්. ” මෙම කෙටි පණිවිඩය "Medicare" ආයතනය යැවූ පණිවිඩයක් ලෙස යැවීමට ඔවුන් අපේක්ෂා නොකළ බව කම්කරු පක්ෂයේ ක්වීන්ස්ලන්ත ශාඛාව Fairfax මාධ්‍ය ජාලයට පවසා ඇත.

Medicare healthcare cards
Medicare healthcare cards Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය මැතිවරණ දිනයේදී මැල්කම් ටර්න්බුල් හට විරුද්ධව Medicare සම්බන්ධයෙන්  යවන ලද චෝදනාත්මක කෙටි පණිවිඩය පිළිබඳ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 150න් මේ වනවිට 72ක් හිමි කර ගැනීමට  ලිබරල් සන්ධානය සමත්වී ඇත. කම්කරු පක්ෂයට ආසන 67ක්ද ග්‍රීන්ස් පක්ෂයට එක් ආසනයක්ද ස්වාධීන අපේක්ෂකයන් හට ආසන 4ක්ද හිමිව ඇති අතර තවත් ආසන 6ක හිමිකාරිත්වය පිළිබඳ ගැටළු පැන නැගී තිබේ. ඡන්ද ගණනය කිරීම අඟහරුවාදා (05/07/2016) නැවත ආරම්භ කිරීමට නියමිතය.

"ටර්න්බුල් Medicare පුද්ගලීකරණය කිරීමට  සැරසෙයි. Medicare බේරාගැනීමට කාලය සීමිතයි" යනුවෙන් එම කෙටි පණිවිඩයේ සඳහන්. ”

Medicare Text Message
Medicare Text Message

මෙම ක්‍රියාව වංකත්වයේ උපරිම මට්ටම පෙන්වන පහත ක්‍රියාවක් බව ටර්න්බුල් පවසයි.

මෙම කෙටි පණිවිඩය "Medicare" ආයතනය යැවූ පණිවිඩයක් ලෙස යැවීමට ඔවුන් අපේක්ෂා නොකළ බව කම්කරු පක්ෂයේ ක්වීන්ස්ලන්ත ශාඛාව Fairfax මාධ්‍ය ජාලයට පවසා ඇත.

මැතිවරණ දිනයේ උදැසන medicare වෙතින් යයි සඳහන් මෙම කෙටි පණිවිඩය හේතුවෙන් බොහෝ දෙනා නොමග ගිය බවට සන්ධානය චෝදනා  කරයි. නමුත් කම්කරු පක්ෂයේ ක්වීන්ස්ලන්ත ශාඛාව එම චෝදනාව  ප්‍රතික්ෂේප කරයි.

මෙම පණිවිඩය කිසිසේත්ම medicare ආයතනය වෙතින් යවන ලද කෙටි පණිවිඩයක් ලෙස යැවීමට අදහස් නොකළ බවත් එහි මාතෘකාව පමණක් medicare යනුවෙන් සඳහන් කරන්නට කටුයුතු යෙදූ බවත් කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now