“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයට කළ එළි දුටු ප්‍රධාන පක්ෂවල විදේශ ප්‍රතිපත්ති

විපක්ෂයේ ආරක්ෂක නියෝජිතවරයා වන ස්ටීවන් කොන්රෝයි පවසන්නේ කම්කරු පක්ෂය බලයට පත් වුවහොත් දකුණු චීන මුහුදේ නිදහසේ නාවික අභ්‍යාස කිරීමට ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අවස්ථාව ලබා දෙන බවයි. නමුත් සන්ධාන රජයේ ආරක්ෂක අමාත්‍ය මැරිස් පෙයින් පවසන්නේ මේ අවස්ථාවේදී ඉදිරි ආරක්ෂක ක්‍රියා මාර්ග පිළිබඳ රජය කිසිඳු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

Australian aid

Australian aid

ගෝලීයකරණය හමුවේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ ආර්ථික පරිසරයට රටෙහි විදේශ ප්‍රතිපත්තිය අතිශය බලපාන බවද එය රටෙහි සමෘධිය වැඩි කිරීමේ මූලික ඉලක්කයෙන් කළ යුතු බවද ඔස්ට්‍රේලියානු රජයේ විදේශ අමාත්‍ය ජූලී බිෂොප් පවසයි.

අද වන විට ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර ඔස්ට්‍රේලියාවද ඊට සමගාමීව  අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යායුතු බවද ඇය පැවසුවේය.

ජූලී බිෂොප්  පෙන්වා දෙන්නේ  රැකියා උත්පාදනය සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම වත්මන් සන්ධාන රජයේ ආර්ථික ප්‍රතිපත්තියත් සමග බද්ධ වුනු ප්‍රධාන කාරණා බවයි. . මෙයට හොඳම උදාහරණය ලෙස ඇය හුවා දක්වන්නේ චීනය,  ජපානය,දකුණු කොරියාව සහ මෑතකදී සිංගප්පුරුව සමග ඇති කරගත් වෙළෙඳ ගිවිසුම්. දහස් ගණන් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරකයින් හට මේ මගින් සැහෙන වාසි අත් වන බවත් ඒ මගින් නව රැකියා උත්පාදනය වීමක්ද සිදු වන බවත් ඇය පෙන්වා  දෙයි.

මීට අමතරව ඇය ප්‍රකාශ කර සිටියේ එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරුන්  ජයගත් නමුත් ඔස්ට්‍රේලියාව අමෙරිකාව සමග සමීපව සම්බන්ධකම් පැවැත්විය යුතු බවයි.

මේ අතර විපක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජිත ටාන්යා ප්ලිබර්සෙක් පවසන්නේ චීනය සමග වෙළෙඳ සබඳතා තර කරගැනීමට  හෝ අමෙරිකාව සමග යුධ සබඳතා තර කර ගැනීමට හෝ හේතුවක් නොමැති බවයි. ඔස්ට්‍රේලියාවට පිරිසිදු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමට තවමත් කිසිඳු බාධාවක් නොමැති බවද ඇය පවසයි.

කෙසේ වෙතත් විපක්ෂයේ ආරක්ෂක නියෝජිතවරයා වන ස්ටීවන් කොන්රෝයි පවසන්නේ කම්කරු පක්ෂය බලයට පත් වුවහොත් දකුණු චීන මුහුදේ නිදහසේ නාවික අභ්‍යාස කිරීමට ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අවස්ථාව ලබා දෙන බවයි.

නමුත් සන්ධාන රජයේ ආරක්ෂක අමාත්‍ය මැරිස් පෙයින් පවසන්නේ මේ අවස්ථාවේදී ඉදිරි ආරක්ෂක ක්‍රියා මාර්ග පිළිබඳ රජය කිසිඳු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

නමුත් ඔස්ට්‍රේලියාව සැම විටම ස්ථාවර සහ ආරක්ෂක කලාපයක් ලෙස තබා ගන්න බවද ඇය ප්‍රකාශ කළාය.

මෙම සියලු කරුණු අතරේ ඔස්ට්‍රේලියාවේ විදේශ ආධාර සංචිතය ද ඉතා වැදගත් වෙයි.

2014/2015 පැවැති ටෝනි ඇබට්ගේ අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ විදේශ ආධාර සංචිතය ඩොලර් බිලියනයකින් කප්පාදු කෙරිණි. මීට අමතරව පසුගිය අය වැයෙන් තවත් ඩොලර් මිලියන 224ක් කප්පාදු කරන බවට ප්‍රකාශ විය.

කම්කරු පක්ෂය බලයට පත්වුවහොත් මෙම කප්පාදු නතර කර ඔස්ට්‍රේලියාවේ විදේශ ආධාර සංචිතය නැවතත් යථා තත්ත්වයට පත් කරන බව විපක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජිත ටාන්යා ප්ලිබර්සෙක් පවසයි. නමුත් ඔස්ට්‍රේලියානු රජයේ විදේශ අමාත්‍ය ජූලී බිෂොප් පවසන්නේ මීට වඩා කාර්යක්‍ෂම සහ විධිමත් ක්‍රම විදේශ ආධාර සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි බවයි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තිය හමුවේ ඇති තවත් එක් අභියෝගයකි. ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා සිදු කෙරෙන ත්‍රස්ත ක්‍රියා වලට එරෙහිව ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියාව වසරකට ඩොලර් මිලියන 500ක් පමණ වැය කරන බව ඇස්තමේන්තු ගත කර තිබේ. මේ වනවිටත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බල මුළු ජාත්‍යන්තර ආරක්ෂක සේනා සමග ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරමින් සිටිති.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සහය දැක්වීමට තීරණය කර තිබේ.

 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now