“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – මෙවර මැතිවරණයේ ප්‍රධාන බල ප්‍රදේශ

SBS මාධ්‍ය ජාලය සිදු කළ නවතම සමීක්ෂණයට අනුව ස්වාධීන පක්ෂ අපේක්ෂකයන්ට, සුළු පක්ෂ සහ ග්‍රීන්ස් පක්ෂයට සඳහා ඡන්දය භාවිත කිරීමට සිටි පිරිස 3%කින් පහත ගොස් තිබේ. එම පිරිස වත්මන් සන්ධාන රජයට සහය දීමට තීරණය කර ඇති බවද අනාවරණය වී තිබේ.

Australian Federal Election 2016

Australian Federal Election 2016 Source: AAP

මෙවර මැතිවරණයෙන් පසුව බිහිවන්නේ සුළුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් බව බොහෝ දෙනා පුරෝකථනය කලද එය එසේ නොවන බවට දැන් දැන් කටයුතු සිදුවන බව පෙනී යයි.

SBS මාධ්‍ය ජාලය සිදු කළ නවතම සමීක්ෂණයට අනුව ස්වාධීන පක්ෂ අපේක්ෂකයන්ට, සුළු පක්ෂ සහ ග්‍රීන්ස් පක්ෂයට සඳහා ඡන්දය භාවිත කිරීමට සිටි පිරිස 3%කින් පහත ගොස් තිබේ. එම පිරිස වත්මන් සන්ධාන රජයට සහය දීමට තීරණය කර ඇති බවද අනාවරණය වී තිබේ.

තම රජයක් පිහිටුවීමට කම්කරු පක්ෂයට පහළ මන්ත්‍රණ සභාවෙන් තවත් ආසන 19ක් අවශ්‍යව ඇත. 2013 මැතිවරණ පරාජයෙන් පසු ඔවුන්ට ඉතිරිව ඇත්තේ ආසන 55ක් පමණි.

නමුත් සන්ධාන රජය ආසන 90ක් හිමි කරගැනීමට සමත් වූයේ ලිබරල් පක්ෂයට ආසන 75ක්ද ජාතික පක්ෂයට ආසන 15ක්ද හිමි කරගනිමිනි. මැතිවරණ පූර්ව දත්ත වලට අනුව සන්ධානය ගියවර මැතිවරණය සඳහා පිවිසියේ ආසන 88ක් දිනාගැනීමේ ශක්තිය මූලික වශයෙන් තබාගෙනය. කම්කරු පක්ෂයේ එම ධාරිතාව ගණන් බලා තිබුණේ ආසන 57ක් ලෙසය.

ඊට අමතරව පහළ මන්ත්‍රණ සභාවේ එක් ආසනයක් ග්‍රීන්ස් පක්ෂයටද ආසන 3ක් ස්වාධීන අපේක්ෂකයන්ටද හිමි වුණි.

ජයග්‍රහණය නුලෙන් බේරී තිබෙන මැතිවරණ බල ප්‍රදේශවල ජය ආරක්ෂා කර ගැනීමට කම්කරු පක්ෂය පක්ෂය ක්‍රියා නොකරන බවක් මෙම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත. ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියාව යන ප්‍රාන්තයන්හි එම මැතිවරණ බල ප්‍රදේශ පිහිට තිබේ. සමීක්ෂණය වැඩි දුරටත් අනාවරණය කරන පරිදි එම මැතිවරණ බල ප්‍රදේශවලින් තුනෙන් එකක් පමණක් කම්කරු පක්ෂය ජය ගනු ඇත.

මේ අනුව පර්ත් ප්‍රදේශයේ නවතම මැතිවරණ බල ප්‍රදේශයක් වන බර්ට් මැතිවරණ බල ප්‍රදේශය කම්කරු පක්ෂය විසින් දිනාගනු ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව මධ්‍යම ක්වීන්ස්ලන්තයේ කැප්රිකෝනියා මැතිවරණ බල ප්‍රදේශයේ ජය ප්‍රධාන පක්ෂ දෙකටම 50-50 ආකාරයෙන් පසුවන බව හෙළිවී තිබේ.  

ස්වාධීන අපේක්ෂක නික් ක්සේනොපොන් ගේ බල කණුවක් වන සිඩ්නි ප්‍රදේශයේ මැකාර්තර් මැතිවරණ බල ප්‍රදේශය තුළ පවා ලිබරල් සහ කම්කරු පක්ෂ කරට කර සිටින බව වාර්තා වේ.

මීට අමතරව කම්කරු පක්ෂයේ ජයග්‍රහණය වැට උඩ තිබෙන තවත් මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇත. ක්වීන්ස්ලන්තයේ හර්බර්ට් ඇන්ඩ් බ්‍රිස්බේන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ඩන්ක්ලි සහ කොරන්ගැමයිට්, නිව් සවුත් වේල්ස් හි රොබට්සන් සහ ලින්ඩ්සේ මෙන්ම උතුරු ටස්මෙනියාවේ බේස්  මැතිවරණ බල ප්‍රදේශ ඒ අතර වෙයි.

සන්ධානය බටහිර සිඩ්නි මැතිවරණ බල ප්‍රදේශයක් වන ලින්ඩ්සේ මැතිවරණ බල ප්‍රදේශය නිසැක වශයෙන්ම ජයගන්නා බව අගමැති ටර්න්බුල් පවසයි.

මේ අතර සහකාර භාණ්ඩාගාර අමාත්‍ය කෙලී ඔඩ්වයර් ගේ ලිබරල් ආසනය වන මෙල්බර්න් හි හිගින්ස් ආසනය පිළිබඳ ග්‍රීන්ස් පක්ෂය අනතුරු අඟවා තිබේ. හිගින්ස් ආසනය නියෝජනය කරන ග්‍රීන්ස් පක්ෂ නියෝජිත ජේසන් බෝල් ගේ ජනප්‍රියතාව වර්ධනයවෙමින් පවතින අතර වික්ටෝරියා ප්‍රාන්තයේ විල්ස් සහ බැට් මෑන් යන ආසන ජයග්‍රණය කිරීමටද ග්‍රීන්ස් පක්ෂයට හැකියාවක් තිබෙන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

මෙම මැතිවරණයෙන් පසුව තම පක්ෂයට සැලකිය යුතු දේශපාලනමය බලයක් හිමිවනු ඇතැයි ග්‍රීන්ස් පක්ෂයේ නායක රිචඩ් ඩි නටාල් පවසයි.

මෙම මැතිවරණයේදී ලිබරල් සන්ධානයට මන්ත්‍රී ආසන 12 ක් අහිමි වුවද තමන්ගේ බහුතර බලය රැකගැනීමට හැකියාව තිබෙන බවද පෙනී ගොස් තිබේ. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now