ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාරක සේවාවෙහි ගුණාත්මක භාවය ඉහල නැංවීම සඳහා ඩොලර් මිලියන 563 ක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මධ්‍යම රජය තීරණය කරයි.
දැනට වයස්ගත සත්කාරක සේවා සපයන මධ්‍යස්ථාන වලින් ලබාදෙන පහසුකම් වර්ධනය කිරීම, එක වැඩිහිටි නිවාසයක පමණක් සේවය කල හැකි පරිදි සේවක වැටුප් වැඩිකිරීම සහ පවුල තුලම වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම ආදී අංශ වැඩිදියුණු කිරීම සඳහා මෙම ප්‍රතිපාදන යෙදවීමට අපේක්ෂිතයි.
වයස්ගත සත්කාරක අංශයෙහි සේවකයින් නියෝජනය කරන "සෞඛ්‍ය සේවා වෘතිය සංගමය" පවසන්නේ වයස්ගත සත්කාර සේවාවෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉදිරි සිව් වසර තුළ ඩොලර් බිලියන 20 ක් අවශ්‍ය බවයි. එසේම සේවක වෘතිය මට්ටම්ද ඉහල නැංවිය යුතු බවද සෞඛ්‍ය සේවා වෘතිය සංගමය පවසා සිටී.
සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසන්නේ ඕස්ට්‍රේලියාවෙහි වැඩිහිටි සත්කාරක සේවාවන්හි පවතින COVID-19 අභියෝග ජය ගැනීමට මෙම ප්‍රතිපාදන ඉවහල් වන බවයි.

