SKIP TO MAIN CONTENT

2021 අවසාන වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 26 කට කොරෝනා එන්නත් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැරසෙයි

Scott Morrison
Prime Minister Scott Morrison says vaccinating 26 million Australians by the end of the year will be one of the nation's largest-ever logistical exercises Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

මෙම වසර අවසාන වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 26 කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට හැකිවෙතැයි අගමැති ස්කොට් මොරිසන් විශ්වාසය පලකොට සිටී. එය මෙරට මෙතෙක් සිදුකළ විශාලතම සැපයුම් ක්‍රියාදාමය වනු ඇති බව ද ඔහු පවසයි.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස් එන්නත් ලබා දීම සඳහා රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට අවශ්‍ය උපකරණ ඇතුළු යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් ඩොලර් බිලියන දෙකක් පමණ වැය වන බවට ඇස්තමේන්තු කොට තිබේ. ෆාමසි ඇතුළු අනුමත මධ්‍යස්ථාන දහස් ගණනක් හරහා එන්නත් ලබා දීමේ ශ්‍රම බලකාය සඳහා ඩොලර් බිලියන 6.3 ක් වැය වන බවට ඇස්තමේන්තු කොට තිබෙන බවද සඳහන්

එසේම මෙරට COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රවර්ධන ව්‍යාපාරය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලට ද අනුගත කිරීමට කටයුතු කරන බව මධ්‍යම රජය පවසයි.

ඒ පිලිබඳ තම ප්‍රතිචාරය දක්වමින් මෙරට සෞඛ්‍ය ක්ෂේස්ත්‍ර පවසන්නේ, සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ට වඩාත් නිවැරදි, විශ්වාසදායක තොරතුරු ලබා ගත හැකි වන පරිදි රජය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මෙම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත නොමිලේ ලබා ගැනීමට සුදුසුකම් ලැබේ. එසේම මෙරටට Visitor වීසා හෙවත් සංචාරක වීසා යටතේ පැමිණ සිටින පුද්ගලයින් හෝ transit වීසා යටතේ තාවකාලිකව මෙරට රැඳී සිටින පුද්ගලයින් හැර සෙසු සියළුම වීසා ඛාණ්ඩ යටතේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් හට ද මෙම එන්නත නොමිලේ ලබාගත හැකි බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය වැඩිදුරටත් පවසා සිටී.

ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ 95,550 දෙනකුට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇතැයි ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ කොවිඩ්-19 එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය මඟින් දේශීයව නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබ ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත වේ.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත එරට ‘වැක්සීන් මෛත්‍රී’වැඩසටහන යටතේ අසල්වැසි රටවලට නොමිලේ ලබා දේ. ඒ අනුව පසුගිය සතියේදී ඉන්දියාව ප්‍රදානය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට ගෙන්වන ලදි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now