SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජය පසුගිය මුල්‍ය වර්ෂයේදී ජනතා බදු මුදලින් වැඩි හරියක් වියදම් කොට ඇත්තේ සරණාගතයින් වෙනුවෙන්

asylum seekers
asylum seekers

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මෙරටට සරණාගත භාවය අපේක්ෂාවෙන් පැමිණි පුද්ගලයින් විවිධ ස්ථාන වලට ප්‍රවාහනය කිරීම, නැවත ආපසු හරවා යැවීම සහ අහාර සහ නවාතැන් පහසුකම් සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය, පසුගිය මුල්‍ය වර්ෂය (2016 - 2017) සඳහා පමණක් ඩොලර් මිලියන 78ක් වියදම් කොට ඇතැයි හෙළිවෙයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ Home Affairs Ministry හෙවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිදුකරනු ලැබූ විමසීමකදී මේ බව හෙළිව තිබේ.

කෙසේවෙතත් පසුගිය මුල්‍ය වර්ෂයේදී මධ්‍යම රජයේ අයවැයෙන් ස්වභාවික ආපදා සඳහා වෙනකොට තිබු පිරිවැය ඩොලර් මිලියන 17 ක්

වුනු අතර කිරි ආශ්‍රිත කර්මාන්ත සඳහා වෙනකොට තිබු පිරිවැය ඩොලර් මිලියන 52ක් බවද සඳහන්. එසේ තිබියදී මෙරටට සරණාගතයින් ලෙසින් අනවසරයෙන් පැමිණි පුද්ගලයින් සඳහා ඩොලර් මිලියන 78ක් වෙන් කිරීම වේ වන විට විවාදයට තුඩුදෙන කරුණක්ව තිබේ. කෙසේවෙතත් මිට කලින් මුල්‍ය වර්ෂයේදී (2015 - 2016) සරණාගතයින් වෙනුවෙන් මධ්‍යම රජයේ භාණ්ඩාගාරයෙන් වියදම් කොට ඇති මුදල ඩොලර් මිලියන 97ක් බවද හෙළිව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now