SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ආපදා ආධාර ශ්‍රී ලංකාවට ලඟා වේ.

Sri Lanka Flood & Mudslide
Source: SL Navy

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පසුගිය දිනවල  ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් සමග ආධාර තොගය ඊයේ (01/06)  නිල වශයෙන් පරිත්‍යාග කළේය.

කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී  මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව වාර්තා වේ.

අධික වර්ෂාව නිසා ඇතිවූ  ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින්  ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.

මීට අමතරව ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට එවන ලද තවත් ආධාර තොගයක්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට ඊයේ ලඟා විය.

මෙම සහනාධාර භාර ගැනීමේ අවස්ථාව සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක, නන්දන කුරේ මහතා සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා මෙම යාත්‍රා කඩිනමින් දකුණ සහ බටහිර නාවික විධානයන් වෙත බෙදා හැරීමට කටයුතු සූදානම් කර තිබෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now