SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අපේක්ෂිත ඔස්ට්‍රේලියානුවන් හට අනතුරු ඇඟවීම්.

Manchester Attack
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අපේක්ෂිත ඔස්ට්‍රේලියානුවන් සිටිනවානම් ඔවුන් සැමවිටම ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය මගින් ඒ පිළිබඳ නවතම විස්තර සොයා බලා විමර්ශනය කර අදාළ සංචාරයෙහි යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop ඉල්ලා තිබේ.

Manchester ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවා Manchester නුවරම ඉපිද හැදී වැදී තිබීම සැලකිය යුතු කරුණක් බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී, Sky පුවත් වෙත පැවසුවාය.

මේ අතර ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ මට්ටම "probable" හෙවත් "විය හැකි" මට්ටමේ ඇති බව Manchester  ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull  නිවේදනය කරයි.

Manchester  ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍යයට ත්‍රස්ත  ප්‍රහාරයක් එල්ල වීමේ මට්ටම  "critical"හෙවත් "තීරණාත්මක" මට්ටමක තිබෙන බව බ්‍රිතාන්‍ය අගමැතිණී  තෙරේසා මේ ඊයේ දිනයේදී ප්‍රකාශ කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now