SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගෑස් අපනයන සමාගම් වෙත ඔස්ට්‍රේලියානු රජයෙන් අද සිට නව නීති මාලාවක්.

Australian Gas Export
Source: Bloomberg

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවෙන් ගෑස් අපනයනය කිරීමේදී ගෑස් අපනයන සමාගම් වෙත නිර්මාණය කළ නව නීති රෙගුලාසි මාලාව අද (27/04)  දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගෑස් අපනයනය හේතුවෙන් ගෘහස්ත ගෑස් සැපයුමට බාධා සිදු වන බවට පසුගිය කාලයේ සිදු කළ විමර්ශන වලදී අනාවරණය විය.

ගෑස් අපනයන සමාගම් ඔස්ට්‍රේලියාවෙන් අධික ලෙස ගෑස් අපනයනය කිරීමේදී ගෘහස්ත ගෑස් හිඟය පියවාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මෙම නව නීති රෙගුලාසි යටතේ ඔවුන්ට බලපෑම් කෙරෙනු ඇත.

එමෙන්ම ගෘහස්ත ගෑස් මිල සාධාරණ මට්ටමක පවත්වාගත යුතු බවද අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පැවසීය.

මෙම සීමාවන් තාවකාලිකව පනවන ඒවා බවද ඒවා නැගෙනහිර වෙරළේ ගෑස් නිෂ්පාදකයින් ට පමණක් බලපවත්නා බවද අගමැතිවරයා පැවසීය.

මේ අතර එළඹෙන ජූලි මාසයේ සිට ගෑස් අපනයනය සීමා කිරීමේ බලය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සතුවන බව සම්පත් අමාත්‍ය  Matt Canavan , A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now