ඔස්ට්‍රේලියාව තුල ලබන මසදී ලබාදීමට නියමිත Pfizer එන්නත් මාත්‍රා ලබාගැනීමේ වැඩපිළිවෙලෙහි වෙනසක් වී නොමැති බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කරයි. කෙසේ නමුත් මේ වන විට අධික ඉල්ලුමක් පැවතීම මත එන්නත් සමාගම් සිය ඇනවුම් ලබාදීමේ ප්‍රමාදයක් ප්‍රකාශ කොට තිබේ.
ඔස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය මගින් ඉදිරි සතිවලදී මෙම එන්නත් අනුමත කිරීමට නියමිතයි.
පවතින අධික ඉල්ලුම මත Pfizer සමගම මගින් එන්නත් මාත්‍රා නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවට යුරෝපීය රටවල් කිහිපයක් මේ වනවිට පැමිණිලි කොට තිබේ.
Josh Frydenberg සඳහන් කරන්නේ , මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල කොරෝනා වෛරසය පාලනය කොට තිබුනද එන්නත් ලබාදීම අනිවාර්ය වන බවයි. එමෙන්ම මේ වනවිට අදාළ සමාගම් මගින් එන්නත් මාත්‍රා නිකුත් කරීමේ ප්‍රමාද පැවතියද එමගින් ඔස්ට්‍රේලියාවට බලපෑමක් සිදු නොකරන බවද ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා අවධාරණය කොට සිටී.

