SKIP TO MAIN CONTENT

ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දින වල penalty rates කප්පාදු කරන Fair Work කොමිසමේ තීරණය ඔස්ට්‍රේලියානු රජය අනුමත කරයි.

Australian government has accepted a decision by the Fair Work Commission to cut weekend penalty rates.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිල්ලර වෙළෙඳාම්, hospitality, ඖෂධාගාර සහ ක්ෂණික ආහාර කර්මාන්ත වල නියුතු සේවකයින්ගේ ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දින වල මෙතෙක්  ගෙවන ලද penalty rates කප්පාදු කිරීමට Fair Work  කොමිසම ඊයේ (23/02)  ප්‍රකාශයට පත් කළ තීරණය ඔස්ට්‍රේලියානු රජය අනුමත කර තිබේ.

පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ අනියම් සේවකයින් යන සෑම කොට්ටාසයකටම මෙම කප්පාදුව බලපාන බව සඳහන්.

මෙතෙක් පැවතුනු  සේවා යෝජකයින්ගේ වෙළෙඳාම සීමාවී තිබූ අතර නව තත්ත්වය අනුව ඔවුන්ට ඉරිදා දින වල ද තම සේවා ස්ථාන විවෘත කළ හැකි බව ඔස්ට්‍රේලියානු රැකියා අමාත්‍යවරිය වන Michaelia Cash පවසයි.

නමුත් මෙසේ penalty rates කප්පාදු කිරීම මගින් අඩු ආදායම් ලාභී වැඩ කරන ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වන බව විපක්ෂය පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now