SKIP TO MAIN CONTENT

උතුරු ආසියාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් රතු එළියක්.

Australian Government issued a red signal for travellers to Northern Asia range.
International travellers seen at Sydney International Airport, Sydney. Source: AAP

1 min read

Published

Updated

Source: SBS News



Skip to article content

දකුණු කොරියාවේ සහ ජපානයේ සිටින ලක්ෂ 2 කට ආසන්න ඔස්ට්‍රේලියානු ජාතිකයින් ඉන් ඉවත් කරගනුයේ කෙසේද යන්න පිළිබඳ රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

සේවය කිරීම සඳහා මෙන්ම නිවාඩු ගත කිරීම සඳහා ද ආසියාවේ උතුරු කලාපයට ගොස් සිටින ඕස්ට්‍රේලියානුවන් හට මෙම අවදානම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

උතුරු කොරියාව විසින් අනපේක්ෂිතව සිදු කරන මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් විශේෂයෙන් දකුණු කොරියාව හෝ ජපානය තුළ සුළු සිදුවීමකින් පවා විශාල අනතුරුදායී අවස්ථාවක් නිර්මාණය විය හැකි බවට ඔස්ට්‍රේලියානු රජය අනතුරු අඟවා සිටියි.

චීනය, ජපානය සහ දකුණු කොරියාවේ සංචාරය සඳහා නිරතවන්නන් ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී ඇති Smart Traveller වෙබ් අඩවියේ ලියාපදිංචි වන ලෙස අගමැති ටර්න්බුල් පවසා සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now