ගතවූ මාස 18 දී ඔස්ට්‍රේලියාවට බරපතල සයිබර් ප්‍රහාර 1095ක් : බොහෝ ප්‍රහාර එල්ල වූයේ විදෙස් රටවලින්. (SBS සිංහල/වාර්තා)

කාලගුණ කාර්යාංශය, රජයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු සමග සම්බන්ධතාවක් පැවැත්වීමද මෙම ප්‍රහාරයට හේතු විය හැකිය.

Cyber attack

Source: Shutterstock

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයට එල්ල වූ සයිබර් ප්‍රහාරය එහි රහස්‍ය දත්ත සොරකම් කිරීමට විදේශ හැකර්වරුන් විසින් එල්ල කරන ලද එකක් බව ඒ පිළිබඳ සිදුකළ විශේෂ වාර්තාවකින් පෙන්වා දී තිබේ.

සයිබර් ආරක්ෂණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට සහය සපයන අමාත්‍ය  Dan Tehan, අදාළ විදේශ රට කුමක්දැයි සඳහන් නොකළ නමුත් එම සයිබර් ඔත්තු සේවා තවමත් හොඳහැටි ක්‍රියාත්මක බව පැවසුවේය.

මෙය සැබෑ සහ දැනටත් පවතින තර්ජනයක් නිසා අපගේ ආරක්ෂාව පවත්වාගැනීමට ගත යුතු අත්‍යාවශ්‍ය පියවර සියල්ලම අප ගන්නා බව අමාත්‍ය  Dan Tehan පැවසුවේය.

අද වන විට කාලගුණික අනාවැකි විශාල වෙළෙඳ පොළක් බවට පත් වී ඇති හෙයින් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය සයිබර් ප්‍රහාරයක ඉලක්කයක් වූ බව සිතිය හැකි බව ක්‍රමෝපාය ප්‍රතිපත්ති පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ Peter Jennings විශ්වාස කරයි.

කාලගුණ කාර්යාංශය, රජයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු සමග සම්බන්ධතාවක් පැවැත්වීමද මෙම ප්‍රහාරයට හේතු විය හැකි බව ඔහු විශ්වාස කරයි.

මෑතකදී ඔස්ට්‍රේලියාවේ විවිධ ආයතන සඳහා එල්ල වූ හැකර් ප්‍රහාර වල අපේක්ෂාව වූයේ කඩාකප්පල්කාරී සහ විනාශකාරී අයුරින් ක්‍රියා කර රජය සහ සංවිධාන වල කටයුතු සඳහා බාධා කිරීම හෝ අපහසුතාවට පත් කිරීම බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

The Australian පුවත් පතට අනුව මේ වසරේ ජුනි 30 දක්වා ගතවූ මාස 18 ඇතුළත ඔස්ට්‍රේලියානු රාජ්‍ය පද්ධතිය බරපතල සයිබර් ප්‍රහාර 1095කට ගොදුරුවී තිබේ.

මෙම සයිබර් ප්‍රහාර වලින් නිරීක්ෂණය කර ඇති තොරතුරු තවත් රටකට ප්‍රයෝජනවත් තොරතුරු බවත් ඒ අතර භූමි කම්පා පිළිබඳ සහ ආර්ථිකය සම්බන්ධ අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුලත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක Alastair MacGibbon පවසයි. ඒ පිළිබඳ පුදුම විය යුතු නැති බවද ඔහු පවසයි.

නමුත් මෙය ඉහළ යා හැකි බවත් ත්‍රස්තවාදීන් විසින් විනාශකාරී උත්සාහයන් දරා ඉදිරි වසර තුන ඇතුළත ආරක්‍ෂිත තොරතුරු පද්ධතීන් අපකීර්තියට පත් කිරීමට හැකි බව ඇස්තමේන්තු කර ඇති බවත් 2016 සයිබර් තර්ජන වාර්තාව (2016 Cyber Threat Report) අනතුරු අඟවා තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රහස්‍යභාවය පරීක්ෂා කිරීම ඉහළ යමින් පවතින බැවින්, ත්‍රස්තවාදීන්ගේ සයිබර් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩ කඩ අවම බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now