Highlights
- වික්ටෝරියා කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණනතවත් 4 ක් එකතුවෙයි
- කොරෝනා නිසා වික්ටෝරියා ප්‍රාන්තයට සෙසු ප්‍රාන්ත දේශ සීමා නීතිත් තර වේ
- වික්ටෝරියා ප්‍රාන්තයට හැකි සෑම සහායක්ම දීමට ඕස්ට්‍රේලියානු අගමැති සුදානමින්
- වයස 40ට වැඩි සෑම වික්ටෝරියානුවකුටම කොරෝනා එන්නත සඳහා සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 1300 ඉක්මවයි
වික්ටෝරියා කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන පහලට
පසුගිය පැය 24 ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තය තුල සිදු කල පරීක්ෂණ 47,462 මගින් නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු ප්‍රාන්ත ප්‍රජාව අතුරින් හඳුනාගෙන තිබේ. මේ අනුව එම කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින්ගේ සංක්‍යාව 30 දෙනෙකු ලෙස වාර්තා වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ සිව් වන වරටත් බලපැවැත්වුණු Lockdown තත්වය අද උදෑසන සිට ක්‍රියාත්මක වන අතර මෙය අද සිට දින 7ක කාලයක් දක්වා ක්‍රියාත්මක කෙරේ.
මෙල්බර්න්හි ශීග්‍ර ලෙස පැතිර යාමේ අවදානමක් හටගත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් එම ප්‍රාන්ත රජය මෙම තීරණයට ඊයේ දිනයේදී එළඹින
අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට තම නිවසින් පිටත් වීමට හැකියාව හිමිවන අතර කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා සුදුසුකම් සහිත පිරිස හට එන්නත් ලබාගන්නා ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කොට සිටී. එමෙන්ම වයස අවුරුදු 40 ත් 49 ත් අතර පිරිස සඳහා Pfizer එන්නත ලබාදීමටද නියමිතව තිබේ.
ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ ජනතාවගේ සංචරණය අවම වීම මත පමණක් මෙහි ප්‍රතිඵල සතුටුදායක වන අතර එසේ නොවන්නේ නම් Contact tracing කටයුතු සඳහාද දැඩි පීඩනයක් එල්ල වන බවයි.
එමෙන්ම මේ වනවිට ප්‍රාන්තයෙන් වාර්තා වූ අසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10,000ක් පමණ පිරිස හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කොට සිටී
කොරෝනා නිසා වික්ටෝරියා ප්‍රාන්තයට සෙසු ප්‍රාන්ත දේශ සීමා නීතිත් තර වේ
වික්ටෝරියා ප්‍රාන්තය තුල මේ වනවිට උද්ගතව ඇති කොරෝනා තත්වය මත එම ප්‍රාන්තයට සිය දේශසීමා දැඩි කොට ඇති බව බටහිර ඕස්ට්‍රේලියා, දකුණු ඕස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්ත නිවේදනය කොට තිබේ.
මේ අනුව එම ප්‍රන්තයන්හි වැසියන් හට සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන පිරිසට එම ප්‍රාන්ත තුලට ඇතුළු වීමට අවසර හිමිවන අතර එම පුද්ගලයින් අනිවාර්ය දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වේ.
පසුගිය මැයි 11 වැනිදා සිට වික්ටෝරියා ප්‍රාන්තය තුල සංචාරය කල සහ නැවත ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන සියලුම පුද්ගලයින් අනිවාර්යයෙන්ම හෝටල් නිරෝධායනය විය යුතු බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසයි. මේ වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන්තොටුපල සඳහා ප්‍රාන්ත ආරක්ෂක අංශ යොදවා ඇති බවද ඇය සඳහන් කොට තිබේ.
එමෙන්ම පසුගිය 11 වැනිදායින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණ සිටින වික්ටෝරියානුවන් හටද මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින lockdown නීති බලපැවැත්වෙන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කොට සිටී.
වික්ටෝරියා ප්‍රාන්තයේ හඳුනාගත් අවදානම් සහිත ස්ථාන සඳහා ගිය පුද්ගලයින් තම ප්‍රාන්තයන්ට ඇතුළුවීමේදී පරීක්ෂාවට බඳුන් වීම සහ නිරෝධායනය වීම අනිවාර්ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ නොදර්න් ටෙරිටරියද සඳහන් කොට සිටී.
වික්ටෝරියා ප්‍රාන්තයට හැකි සෑම සහායක්ම දීමට ඕස්ට්‍රේලියානු අගමැති සුදානමින්
උද්ගතව ඇති තත්වය හමුවේ හැකි සෑම සහායක්ම වික්ටෝරියා ප්‍රාන්තයට ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අවධාරණය කොට සිටී.
එමන්ම ඕස්ට්‍රේලියානු රජය මගින් එම ප්‍රාන්තයට අතිරේක කොරෝනා එන්නත් මාත්‍රා 130.000ක් ලබාදීමටද නියමිත අතර ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ නිලධාරීන් 200කට අධික සංක්‍යාවක් මේ වනවිටත් වික්ටෝරියා ප්‍රාන්තයේ කටයුතු සඳහා යොදවා තිබේ.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි දින 7ක කාලය වික්ටෝරියා ප්‍රාන්තයට අභියෝගාත්මක කාලයක් වනු ඇති බවයි.
එමෙන්ම මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින Lockdown තත්වය කණගාටුදායක වන නමුත් අත්‍යවශ්‍ය වන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ද පවසයි.
කෙසේ නමුත් එම ප්‍රාන්තයට හැකි සෑම සහායක්ම ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයාද අවධාරණය කොට සිටී.
වයස 40ට වැඩි සෑම වික්ටෝරියානුවකුටම කොරෝනා එන්නත සඳහා සුදුසුකම්
වයස අවුරුදු 40 ට වැඩි ඕනෑම වික්ටෝරියානු වැසියකු කොරෝනා එන්නත සඳහා සුදුසුකම් ලබන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කොට තිබේ.
එන්නත් ලබාගැනීමේ වේලාවන් වෙන්කිරීම සිදු කල පුද්ගලයින් හට එම එන්නත් ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර හිමිවේ.
ප්‍රාන්තය තුල පවතින වත්මන් තත්වය මත දිනකට පුද්ගලයින් 30, 000ක පමණ දෙනා හට එන්නත් ලබාදීමට හැකියාව පවතී.නමුත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන රැසක්ද එන්නත්කරන වැඩසටහනට සම්බන්ධ වීම මත සහ එන්නත් මාත්‍රා සැපයුම මත දිනකට ප්‍රාන්ත වැසියන් 100, 000කට එන්නත් ලබාදීම ඉලක්කය වන බව වික්ටෝරියානු ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 1300 ඉක්මවයි
ඊයේ(27) දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය අසාදිත පුද්ගලයින් 2572 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිත සංක්‍යාව 174,849 ක් දක්වා ඉහල ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 27 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව1,325 දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව ඇණවුම් කළ, රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලඟා වී තිබේ. එමෙන්ම චීනය විසින් ප්‍රදානය කරනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක ප්‍රමාණයක්ද ලබන ජුනි මසදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව තුල කොරෝනා එන්නත්කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊයේ දිනයේදීත් මෙම එන්නත් කරන සිදුකෙරුණු ඇතැම් ස්ථාන වල උණුසුම් තත්වයන් හටගෙන ඇති බව වාර්තා වේ.
** පහත ලින්ක් එකෙන් අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න

