ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිර යාමේ වේගය අඩු වී ඇති බවට නවතම දත්ත පෙන්වා දෙයි (SBS සිංහල/ වාර්තා)

s

Source: SBS

ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍යවරයා වන Brendan Murphy පවසන්නේ රජයේ දත්ත ආකෘති තුලින් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිර යාමේ වේගය අඩු වී ඇති බවයි. Flattening the curve ලෙසින් හැදින්වෙන මෙම ආසාධන ප්‍රමාණය ප්‍රස්තාරගත කිරීමේදී එය සමතලා මට්ටමක් පෙන්වන බව ඔහු පවසයි. නමුත් තවමත් අප සිටින්නේ ආසාධන වල මුල් අවස්ථාවේ නිසා තවමත් අපේ උත්සාහයන් අත් නොහැරිය යුතු බව ඔහු පවසයි. 

 

එසේම ඊයේ පැවති  මාධ්‍ය හමුව අමතමින් අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කලේ වයිරසය පැතිර යාම බලාපොරොත්තු වූවාටත් වඩා අඩු වේගයකින් සිදු වන බව. ඒ අනුව අපිට සුදානම් වීමට අවශ්‍ය කාලය තවත් ලැබෙන බවත් , මේ වන විට සිදු විය හැකිව තිබු මරණ සංඛ්‍යාව වලක්වා ගැනීමට හැකිව ඇති බවත් ඔහු පවසයි.

ඊයේ ප්‍රසිද්ධියට පත් කරන ලද මෙම දත්ත ආකෘති තුලින් සිදුවිය හැකි නරකම ප්‍රතිපලයත් පෙන්වා දුන් අතර , ඒ අනුව මිලියන 23ක් ජනයා ආසාධිත වුව හොත් දැඩි සත් කාර එකක ඇදන් 35000ක් අවශ්‍ය වනු ඇති බව පෙන්වා දේ. එය ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි වේ.

Murphy මහතා තවදුරටත් පැවසුවේ මෙමගින් ඕස්ට්‍රේලියාව තවමත් අනතුරෙන් බේරී ඇති බවට කිව නොහැකි බවයි. ඒ නිසා සමාජ දුරස්ථභාවය හා පවිත්‍රතාවය පිළිබද පුරුදු දිගටම කරගෙන යා යුතු බව ඔහු පැවසීය. ඒ සදහා ඕස්ට්‍රේලියානු ජනතාවගේ දායකත්වය ඔහු අගය කළේය.
a
Source: AAP


එසේම මෙම වයිරසය සදහා සමාජයේ වැඩි කොටසකට ආසාධනය වී ලබා ගන්න herd immunity නමින් ලැබෙන ප්‍රතිශක්තිය ලබා ගැනීම රජයේ සැලැස්ම නොවන බවද මෙහිදී හෙලි විය. එසේ ප්‍රතිශක්තිය ලබා ගත්  රටවල් මේ වන විට දක්නට නොලැබෙන බවත් පැවසේ.


මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ මෙම සංඛ්යානාත්මක දත්ත නිරුපනය කරන්නේ න්‍යායාත්මක අවස්තාවක් පමණක් බවයි. මෙය ඔස්ට්‍රේලියාවට ඒ ආකාරයෙන්ම සිදු වේ දැයි අනාවැකි කිව නොහැකි බව ඔහු පවසයි.

එසේම මෙම ප්‍රස්තාර මගින් කී දෙනෙකුට රෝගය බෝවේද , කොතරම් කාලයක් එය පවතීදැයි හරිහැටි කිව නොහැකි බවද ඔහු පැවසීය. Murphy මහතා ප්‍රකාශ කලේ මෙම තත්වයන් ජාතික කැබිනට් මණ්ඩලය සලකා බලා කෙතරම් කාලයක් දේශ සීමා වසා දැමීම කිරීමට අවශ්‍ය බවද, එය මේ වයිරසයට එන්නතක් සොයා ගන්නා තුරුම කල යුතුද යන කරුණ තීරණය කරනු ඇති බවයි. එය ප්‍රාන්ත වශයෙන් වෙනස් කාල වලදී සිදු කරනු ඇතැයිද පැවසේ.

අග්‍රාමාත්‍ය Morrison ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ මෙම පාස්කු නිවාඩු සමයේ නිවසේ සිටම සමාජ දුරස්ථ භාවය රකින ලෙසයි. බොහෝ බලධාරීන් ජනයා මෙම නිවාඩු සමයේ මෙම නීති බිද දමමින් කටයුතු කරනු ඇති බවට බිය වන බවත් , එසේ සිදු වුවහොත් මෙතරම් කලක් ලබා ගත්  ජයග්‍රහණ අපතේ යන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.


මේ වන විට ඕස්ට්‍රේලියාවේ Covid -19 ආසාධිතයින් 5795ක් වාර්තා වන අතර මරණ 46ක් වාර්තා වේ.

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service