SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ධුරයෙන් නෙරපිය යුතු බවට අගමැති ටර්න්බුල්ට ඉල්ලීමක්.

Australia Immigration
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Papua New Guinea රාජ්‍යයේ මානුස් දූපතේ පිහිටා තිබෙන ඔස්ට්‍රේලියානු සරණාගත මධ්‍යස්ථානයේ පසුගිය මස සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු වසන් කර වැරදි තොරතුරු මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම හේතුවෙන් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සිය ධුරයෙන් නෙරපා හැරිය යුතු බවට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට බල කර සිටින බව  Refugee Action සන්ධානය පවසයි.

පසුගිය මහා සිකුරාදා දිනයේදී මානුස් දූපතේ පිහිටා තිබෙන ඔස්ට්‍රේලියානු සරණාගත මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 9 දෙනෙකු බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී සෙනට් කමිටුවට ප්‍රකාශ කළේය.

නමුත් සිදුවීම සිදුවූ පළමු දිනවල පැවසුණේ එයින් කිසිවෙකුත් තුවාල නොලැබූ බවය.

එම සිද්ධියේදී එක් ගිනි අවියකින් පමණක් වෙඩි පිටවූ බවට සිදු කළ මුල් ප්‍රකාශය ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී නැවත නිවැරදි කරමින් පැවසුවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවය.

මෙම සිද්ධිය පිළිබඳ නව තොරතුරු සොයා ගැනීමට රජයට මෙතරම් කලක් ගතවීම සාහසික ක්‍රියාවක් බව Refugee Action සන්ධානයේ Ian Rintoul පවසයි.

ඔහු පවසන්නේ  ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton සිය ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now